March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලෙනින්ව චොප්පෙට ගැනීම

1 min read

ලාල් කාන්ත පසුගිය දා ලෙනින්ට මුවා වී චොප්පෙලාට අයත් රස්තියාදුකාර කතාවක් සිදුකරනු ලැබුවේ ය. තමන්ට ලැබී ඇත්තේ ආණ්ඩු බලය පමණක් බවත්, රාජ්‍ය බලය ලබා ගැනීමේ අරගලයේ තමන් දැන් නිරතව සිටින බවත් ඔහු එහිදී කීවේය. එම අරගලයේ දී තමන්ට පහර දුන්නොත්, කළු කෝට් ද ජාතික ඇඳුම ද සිවුර ද අදාළ කර නොගෙන පෙරළා ප්‍රති ප්‍රහාර එල්ල කරන බවත් ඔහු අවධාරණය කළා ය.

බෘෘස්ලිව ද සිහිපත් කළ ‘‘කාල් ලාන්ත“ තමන් ගහන විටදී ඒවා නීතියට එකඟ ද නැද්ද කියා ප්‍රශ්න නොකළ යුතු බවත් කියා සිටියේ ය.

කාල් ලාන්තයා මේ කතා කරන්නේ උග්‍ර ‘‘බොල්ෂෙවික්“ ජෙපි වාටියට ය. ජෙපි වාටිය දැන් ඇත්තේ සෙලවිලා ය. සමහරු වැඩ අතහැර දමා ගෙවල් වලට ගිහින් ය. සමහරු හිටියත් නෑ වගේ ය. මෙහෙම ගියොත් ජෙපි කාඩරය අහිමි වන්නේ ය. පැලවත්තේ ටිල්වින් දැන් ඉන්නේ ඒ ගැන ලතැවිල්ලෙන් ය. ඒ කාඩරය කුල්ල කුජීත වුවහොත් ජෙපි ලෝකය කඩා වැටෙන්නේ ය. ලාල් ලව්වා මේ කළේ ජෙපි කාඩරය චූන් කිරීම ය.

ජනප්‍රිය පුවත්  ඉල්ලන් කෑම!

දැන් පන්ති සටන නැත. ඉෂාර නානායක්කාරලා, ධම්මික පෙරේරාලාගේ ගෙවල් අස්සේ සැතපෙන, ඩඩ්ලිලාගේ සල්ලි අස්සේ බුදියන, අනුරලාගේ පාණ්ඩුව විසින් පන්ති සටන අභාවයට යවා අවසන් ය.

දැන් අධිරාජ්‍ය විරෝධයක් ද නැත. ඉන්දියානු ව්‍යාප්තවාදය ඇත්තේ පැලවත්තේ උළුවස්සේ ය. අධිරාජ්‍ය විරෝධය ඇත්තේ විජිත හේරත්ගේ යට ඇඳුමේ ය. ඒ නිසා ජෙපි කාඩරයට මෙලෝ ”ගෝ” එකක් ඇත්තේ නැත. සටනක් නොමැතිව උන්ව තියා ගැනීමට ද නොහැකිය. අරගලය අවශ්‍ය වන්නේ ඒ ජෙපි මෝඩ කාඩරය චූන් කර ගන්නට ය. ලාල් සොයා ගෙන ඇත්තේ ඒ පුරප්පාඩුවට උත්තර ය.

පන්ති සටනත් අධිරාජ්‍ය විරෝධී සටනත් අතහැර සිටින ජ.වි.පෙ.ට දැන් ඇත්තේ රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ සටන ය. ආණ්ඩු බලය රාජ්‍ය බලය දක්වා ව්‍යාප්ත කිරීමේ සටන ය. එහිදී ප්‍රහාරය එන්නේ ටයි – කෝට් කාරයන්ගෙන් ද, ජාතික ඇඳුම හැද ගත් වුන්ගෙන් ද, සිවුර දරා ගත් උදවියගෙන් ද ලාල් කියන්නේ ඇට්ටි හැලෙන්නට ඒ කොයි කාටත් නෙලන බව ය.

ටයි කෝඩ් කාරයන් යනු නාගරික දකුණට බර සමාජය ය. ජාතික ඇඳුම යනු රට දැය කෙරෙහි වඩාත් සංවේදී බලවේගය යි. සිවුර යනු බෞද්ධ මහා සඟරුවන ය. මේ කොහෙන් ප්‍රතිවිරෝධය ආවත් නෙලන්නට උවමනාය. ලාල් අමතන්නේ, එසේ නෙලන්නට ”කලකිරී සිටින වුන් දැන් ඉතින් නැගිටියව්! අන්තිම සටනට සැරසියාව්” කියා ය.

ජනප්‍රිය පුවත්  මේ ශ්‍රී ලංකාවේද අනාගත දෙමල ඊළාමේද?

සමහරු හිතන්නේ ලාල් කාලක් ගසා මෙසේ කයි කෙලනවා කියා ය. කාලක් ගසන්නේ ලාල් විතර ද? ඡායාරූපය අදාළ වන්නේ ඒ ප්‍රශ්නයට ලබා දෙන පිළිතුරු සඳහා ය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x