මරු සහ මරේ මරු!
1 min read
මේ ඉන්නේ ටිල් වින් ය. ටිල්-වින් යනු ”දිනනතුරු” ය. දිනනතුරු ටිල්වින් කාපු කට්ටේ නිමක් නැත. දැන් ටිල් වින් දිනලාය. වෙන විදිහකට කියනවා නම් දැන් ටිල්වින් ‘වින්’ කරලා ය. ඒ ගැන දිනනතුරු බලන් සිටි ටිල්වින්ලාට ඇත්තේ පුදුම සතුටක් ය.
දිනන්නේ නැත්නම් කන්ටේනර් තුන්සිය ගණනක් පරීක්ෂා නොකර රට තුළට වද්දාගෙන පට්ට ගේමක් ගහන්නට ටිල්වින්ලාට හැකිවන්නේ නැත. ඉන්දියාවේ හාල් වලින් මාටියා ගහන්නට ටිල්වින්ලාට පුළුවන් වන්නේ නැත. 76 වසරක කවර පාලනයක්වත් නොකළ පරිදි, මෙරට ඖෂධවල ප්‍රමිතිය බ්‍රිතාන්‍ය ප්‍රමිතියේ සිට ”ඉන්දියානු ප්‍රමිතිය” දක්වා. පහත හෙලන්නට ටිල්විල්ලාට හැකි වන්නේ නැත.. එමගින් ඉන්දියානු ප්‍රමිතියෙන් බාල බෙහෙත් පොවා මෙරට රෝගීන් මරන්නට ටිල්විල්ලාට හැකි වන්නේ නැත.
බාල ගල් අඟුරු ගෙන්වා හත් පොලේ ගාගෙන රෙද්දෙ රෙ#ලා තිබියදීත් ”මාස තුනෙන් කොමිෂන් වාර්තාව එනවා එනකොට අපි නිර්දෝෂි. විපක්ෂයේ ඇමති වරදකරු වෙනවා” කියා පසුගිය මැයි පළමුවැනිදා පැවැති මැයි රැළියේදී කියන්න ට ටිල්වින්ලාට හැකි වන්නේ නැත. දිනතුරු බලන් සිටි ටිල්-වින්ලා දැන් ඉන්නේ දිනුම ලබාගෙන එමඟින් ඇස් නිලංකාර කරගෙනය.
ඉහත දැක්වූ ප්‍රකාශය මැයි දින රැලියයේ දී ටිල්-වින් කළේ තම පාක්ෂිකයා ‘චූන්’ කිරීමට ය. ඒකා ‘චූන්’ කරනකොට රෙද්ද කැඩුනේ ජනාධිපති දැමූ විශේෂ විමර්ශන කොමිෂමෙහි ය. එයට පත් කරන ලද දැනටමත් සේවයේ සිටින ගරු කටයුතු විනිසුරුවන්ගේය. කොටින්ම කිවහොත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන්කුලතුංගගේ, අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතාගේ, මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න මහතාගේත් කලිසම් ටිල්-වින් ගැලෙව්වෙ අමු අමුවේ පට්ට මහ දවාලේය. දැන් ඉතින් කොමිෂමේ කෙරුවාව ගැන කතා කරන්නට දෙයක් ඉතිරිව ඇත්තේ නැත.
එක අතකින් ටිල්-වින් මරුය තමන්ගේ ගැලවිල්ලට දැමූ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂමේ කලිසම වෙන ආණ්ඩුවක බලය හොබවන පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විසින්ම මෙහෙම ගලවන්නේ නැත. ටිල්වින් එසේ කරන්නට ඇත්තේ හේතු කිහිපයක් මතය. ඒවා හඳුනා ගැනීමට ඔබට ඉතා වැදගත් විය හැකිය. ටිල්වින් ජනාධිපති කොමිෂමේ රෙද්ද මෙසේ කල්තබා ගලවා දාන්නේ ඇතැම් විට ජනාධිපති අනුර මෙම කොමිෂමෙන් ඉටු කර ගැනීමට මාන බලන අරමුණ සඵල කර ගැනීමට වල කපන්නටය. එමගින් කොමිෂමට ජනාධිපතිවරයා ආරක්ෂා කරන තීරණ දෙන්නට බැරි කරන්නටය. ටිල්වින් මේ කරන්නේ එය නම් ඒ කියන්නේ ටිල්වින් සහ අනුර අතර ඇත්තේ බරපතල හුටපටයක් ය. ඒ නොවේ නම් ටිල්විින් මේ කරන්නේ තම පාක්ෂිකයා හමුවේ ගැලවී ඇති රෙද්ද කලබලයේ ඇඳ ගැනීමට ගොස් ඔහුට ද නොතේරී කොමිෂමේ රෙද්ද ගලවා දැමීම ය. සිදුව ඇත්තේ එය නම් එයින් කියැවෙන්නේ ටිල්වින්ලා දැන් ඉන්නේ තම පාක්ෂිකයා හමුවේ බලවත් වරදකාරී හැඟීමකින් පීඩා විඳිමින් බවය. ඒ හැඟීම අප තේරුම් ගන්නේ මේ විදිහට ය.
”දැන් අපේ පාක්ෂිකයා අපි ගල් අඟුරු ගනුදෙනුවෙන් හොරා කෑවා කියල හිතනවා. ඒ හැඟීම තුරන් කරන එක ඉතා වැදගත්. ඒ නිසා කොමිෂමෙන් අපි නිවැරදිකරු වෙනවා කියල හරි පාක්ෂිකයන්ගේ ඒ හැඟීම තුරන් කරන්න ඕන.”
ටිල්වින්ට මෙහෙම හිතෙන්නේ කෙතරම් අසරණවීමක ප්‍රතිඵලයක් ලෙස ද ඒ වූ කලී දේශපාලන බිඳවැටීම ඇතුලාන්තයට පීඩාව ගෙන දෙන විට එම බිඳ වැටීම වළකා ගැනීමට දරන විෂම වෑයමකි. දියේ ගිලෙන විට ජීවත් වන්නට දඟලන එකා හිතෙන හිතෙන හිතෙන විදිහට දියෙන් ගොඩ ඒමට ප්‍රයත්න දරන්නේ යම් සේ ද? ටිල්-වින් මේ දරන්නේ ද එහෙම ප්‍රයත්නයක් විය හැකිය මොනවා වුණත් වන්නට ඉඩ ඇත්තේ අප කී දෙකෙන් එකකි. නමුත් වන්නට වඩා ඉඩ ඇත්වැතේ අප කී දෙකෙන් දෙවැන්න යැයි අපට වඩාත් හිතෙන්නේ ටිල්-වින් කී තවත් ප්‍රකාශයක් අවධානයට ලක් කළ විටය. ඔහු එම මැයි රැළියේදී ම කියා සිටින්නේ, ”ආයේ කවදාවත් වෙන ආණ්ඩුවක් නෑ අපේ ආණ්ඩුව තමයි දිගටම තියෙන්නේ” කියා ය.
ඒ වනාහි කුමන නම් ප්‍රකාශයක්ද? ඒ කියන්නෙ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අවසන් කෙරෙන බවද? තනි පක්ෂ පාලනය ස්ථාපිත කරන බවද?නොමැතිව එක ම පක්ෂයක් සදාකාලිකව බලයේ සිටිය හැකි ක්‍රමය කුමක්ද? 18% තිබුණු වැට් ප්‍රතිශතය 20.5 ට වැඩිකර රටේ ගබඩා තුළ තිබෙන පරණ තෙල් සතියෙන් සතිය චුච්ච චුච්ච වැඩි කර විදුලි බිල ද නැවත වතාවක් හෙට අනිද්දා වැඩි කර ටිල්වින් හිතන්නේ සදාකාලිකව බලයේ ඉන්නට ය. මෙම ප්‍රකාශය සහ අප ඉහත කී ගල් අඟුරු කොමිසම ගැන ප්‍රකාශය එකට තබා සලකා බැලූ කළ පැමිණිය හැකි අවසන් නිගමනය කුමක්ද?
අපට කියනවා නම් කියන්නට ඇත්තේ ටිල්-වින්ලා ඉන්නේ පට්ට බය වෙලා බවය. වතුරේ ගිලෙන එකා වතුරෙන් උඩ ඒමට දඟලන වියරු කලබලය හැසිරීම ටිල්-වින්ගෙන් දැන් පේන බවය.
කෙටියෙන්ම කියනවා නම් දිනනතුරු බලා සිටි ටිල්-වින් මේ කියවන්නේ මරුය! ඒ බව තේරෙන අපට නම් මේවා මරේ මරු ය.

මේවා තනිකර විපක්ෂයේ දේශපාලන මඩ