January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“චිත්‍රේ බලලා – අහිංසකයකුට තළලා ! ” බොරැල්ල පොලීසියේ පටලැවිල්ල

1 min read

සැකකරුවකුගේ රුව තමාගේ රුව සමඟ පටලවාගනිමින් බොරැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් තමාට පහරදුන් බවට දැරණියගල ප්‍රදේශයේ පුද්ගලයෙක් චෝදනා කර තිබේ.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන අයෙකි.

දෙසැම්බර් 30 වැනිදා රාත්‍රීයේ කොහුවල බෝධියාවත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුවූ අතර ඉන් 16 හැවිරිදි දැරියකට තුවාල සිදු විය.

එම සිද්ධියට අදාළව පොලිසියට අවශ්‍ය කරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතමින් අතින් අඳින ලද සැකකරුවෙකුගේ සිතුවමක්ද මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණි.

මෙවන් පසුබිමක දැරණියගල ප්‍රදේශයේ කුඩා අවන්හලක් පවත්වාගෙන යන ළහිරු මධුසංඛ නැමැත්තා ඉකුත් ජනවාරි පළමුවැනිදා කොළඹට පැමිණ තිබුණේ සිය ව්‍යාපාරයට අවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන යාම සඳහාය.

ඔහු එදින රාත්‍රීයේ බේස්ලයින් මාවතේ පිහිටි සිය බිරිඳගේ නිවසේ රැඳී සිට ඇති අතර ඊට පසුදින උදෑසන කාලයේ එම නිවසට පොලිස් නිලධාරීන් පැමිණ තිබුණි.

අනතුරුව ස්ව කැමැත්තෙන් ප්‍රකාශයක් ලබාදීමට බොරැල්ල පොලිසිය වෙත ගිය තමන්ට අදාළ සැකකරුගේ සිතුවම පෙන්වා පොලිස් නිලධාරීන් පහරදුන් බවට තරුණයා චෝදනා කර ඇත.

ජනප්‍රිය පුවත්  ජ.වි.‍ෙපෙ. ගොවි නායකයාගේ බිරිඳටත් ලොකු ගිණුමක්!

දින 2කට ආසන්න කාලයක් බොරැල්ල පොලිසියේ රඳවා සිටි ළහිරුව ඉන් නිදහස් කර ඇත්තේ ඉකුත් 3 වැනිදා පස්වරුවේදීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x