January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගංජා වැටලූ පොලිස් නිලධාරියාට මාලිමා මන්ත්‍රී ශාන්තගෙන් ප්‍රහාරයක්! පොලිස් නිලධාරියා රෝහලේ!

1 min read

ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ සම්බන්ධ ඉඩමක ගංජා වැටලීම සිදුකළ පොලිස් නිලධාරියාට එම මන්ත්‍රීවරයා පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

අදාල පහරදීමෙන් මේ වන විට සුසන්ත නැමැති එම නිලධාරියා ඇඹිලිපිටිය මූලික රෝහලේ අංක 01 වාට්ටුවේ 35 වැනි ඇඳේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

රාජකාරිය නිමවා එමින් සිටි අවස්ථාවේ වෙළඳසැලක් අසළදී තමන්ට මෙම පහර දීම සිදුකළ බවයි පොලිස් නිලධාරියා පවසයි.
එම අවස්ථාවේ මන්ත්‍රීවරයාගේ කැබ් රථය නවත්වා තිබී ඇති අතර මන්ත්‍රීවරයා පැමිණ ”මට උඹව හම්බෙන්න ඕනෑ” යැයි පවසා තිබෙනවා.

එහිදී තමා ”හම්බ වෙන්න ඕනේනම් හම්බ වෙමු” යැයි කියා කී බවත් එහිදී වචන කිහිපයක් හුවමාරු වූ බවයි පහරකෑ නිලධාරියා පැවසුවේ.

පසුව මොහු නිවස බලා යමින් සිටියදී කැබ් රථය පාර හරහා නවත්වා සිය යතුරුපැදියේ යතුර බලෙන්ම මන්ත්‍රීවරයා විසින් ගත් බවද ඔහු පවසනවා.

එම අවස්ථාවේ පොලිස් නිලධාරියා යතුරුපැදියෙන් බැසීමට උත්සාහ කළ මොහොතේ කසිප්පු පැකට්ටුවකින් මුහුණට පහරදුන් බවද ඔහු පැවසුවා.

එම අවස්ථාවේ තමාගේ දෑස් නොපෙනී ගිය බවත් ඒ සමගම තමුන්ට පහරදුන් බවයි ඔහු පවසන්නේ.

ජනප්‍රිය පුවත්  කතරගම අභිනව බස්නායක නිළමේවරයාට එරෙහි බරපතල චෝදනා!

ඒ මොහොතේ ඉන්දික, චාමර, ළහිරු සහ ගුණතිලක යන අයද එහි සිටි බවත් වාහනය ඇතුළේ තවත් පිරිසක් සිටි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පහරදීම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයේ 118 සහ 119 අමතා දැනුම්දුන් නමුත් මේ වනතෙක් පොලිසිය කිසිදු ප්‍රකාශයක් තමාගෙන් ලබා නොගත් බවද ඔහු පවසනවා.

කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසුව තමා කොලොන්න රෝහලට පළමුවෙන් ඇතුළත් වූ බවත් එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තමුන් බැලීමට පැමිණි බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර බයිපාස් සැත්කමක් සිදුකර තිබෙන බැවින් පහරකෑම හේතුවෙන් ඔහුගේ පපුව, හිස සහ දෑස්වල වේදනාවක් පවතින බවයි ඔහු පවසන්නේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x