July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

1 min read

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල බිල්පත්වල පවතින හිඟ මුදල් අයකර ගැනීමේ විශේෂ වැඩසටහනක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව 2026 ජූලි 13 වනදා සිට 19 වනදා දක්වා කාලය “ජල සැපයුම් විසන්ධි කිරීමේ සතිය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මෙම විශේෂ මෙහෙයුම ප්‍රධාන වශයෙන්ම ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිතය.

ජල සැපයුම් විසන්ධි කෙරෙන ප්‍රදේශ

*කොළඹ 01 සිට කොළඹ 15 දක්වා සියලුම ප්‍රදේශ

*මහරගම කලාපය

*කෝට්ටේ කලාපය

ඔබගේ ජල සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා, බිල්පත්වල ඇති හිඟ මුදල් 2026 ජූලි 13 දිනට පෙර ගෙවා නිම කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

නියමිත දිනට පෙර හිඟ මුදල් ගෙවා දැමීමෙන් සිදුවීමට යන අපහසුතා මඟහරවා ගැනීමට සහය වන ලෙස ද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x