June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

C.I.D ය විමල් සොයයි

1 min read

ඊයේ (03) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට පෙනී නොසිටීම හේතුකොට ගෙන මහේස්ත්‍රත්වරයා විසින් විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාට අදාළව ‘වරෙන්තු’ නිකුත් කරන ලදී. ඒ අනුව අද (4) පෝය දිනයේ පෙරවරු 9:00 සිට රහස් පොලීසියේ කණ්ඩායම් දෙකක් විමල් වීරවංශගේ හෝකන්දර පිහිටි නිවසටත්, බත්තරමුල්ලේ පවතින කාර්යාලයටත් පැමිණ තිබේ.

නිවසේ සිටි පවුලේ සාමාජිකයන්ගෙන් හා කාර්යාලයේ සිටි පක්ෂ සාමාජිකයන් වෙතින් දිගින් දිගටම ප්‍රශ්න කර ඇත්තේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ රැඳී සිටින ස්ථානය පිළිබඳවය.

අධිකරණයේ පෙනී නොසිටියේ අසනීපව සිටින නිසා බව මහේස්ත්‍රාත් බෝදරගම වෙත විමල් වීරවංශගේ නීතිඥයා පෙන්වා දී තිබුණි මීට පෙර ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට අදාළව වරෙන්තු නිකුත් කර තිබුණ ද ඔහු සොයා පොලිසිය මෙලෙස විමර්ශනය කර නොතිබුණි.

බෝදරගම මහේස්ත්‍රාත්වරයා විසින් විමල් වීරවංශයට අදාළව මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ පවතින ආපදා තත්ත්වය තුළ උසාවි නොපැමිණෙන චූදිතයන්ට වරෙන්තු නිකුත් නොකරන ලෙස අධිකරණ සේවා කොමිසම මගින් සියලු විනිසුරන් දැනුම්වත් කර තිබියදී ය.

ජනප්‍රිය පුවත්  අනුරගේ කතාවෙන් ඇමරිකාව ගිනි ගනී! තානාපති කැඳවා ප්‍රශ්න කරයි!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x