June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අලි සමග වලි

1 min read

පුරාණ සිංහලේ උත්සාහ කරනවාට කියන්නේ ”වලි ගහනවා” යැයි කියා ය. අධෝ මාර්ගයට කියන්නේ ”වලිමග” යැයි කියා ය. ”වලි මුඛය” යැයි කියන්නේ රැළි වැටුණු මුහුණට ය.

මේ ඉන්නා අලියාගේ මුහුණ ද ”වලි මුඛය” කි. අලියාගේ නෙතට කඳුළු ගලා ආවේ ”වල්කඩ” හෙවත් වනරොද උගෙන් උදුරාගෙන ඇති බැවිණි. හරියටම කිවහොත් අලියාට අයත් වල්කඩ (වනරොද) දැන් ඇත්තේ උගෙන් වලුකම් (සොරකම්) කරළා ය. මේ නිසා අලියා ඉන්නේ, නිමා නොවන වලියක පැටලිලා ය.

ව්‍යාහාරයේ දී ”වලිය” කියන්නේ ගැටුමට ය. නමුත්, පැරණි සිංහලේ වලිය කියා කිවුවේ හමේ ඇතිවන හැකිලීමට ය. කොහොම නමුත්, අලි පැටලිලා ඉන්නේ හමේ ඇතිවන හැකිලීම නැමැති වලියට නොවේ. අලියාට අයත් වල්කඩ (වනරොද) හැකිලීම විසින් ඇතිකර තිබෙන මානව ආපදා වලියට ය.

ආපදා වර්ග 2කි. එක ආපදාවක් වන්නේ ස්වභාව ධර්මයා විසින් ඇති කරන ආපදාවන් ය. අනෙක නම්, මිනිසා විසින් ඇති කරගනු ලබන මානව ආපදාවන් ය. සතුන් විසින් ඇති කරනු ලබන ආපදාවන් කියා දෙයක් අප අසා නැත. මිනිසා විසින් සතුන්ට අයත් භූමිය අත්පත් කර ගැනීමෙන් ඇතිවන ආපදාවද මානව ආපදාවක් ලෙස හඳුනා ගත හැකිය.

ජනප්‍රිය පුවත්  ඉඩම් හිමි ජෙප්පෝ! කප්පන් කප්පිත්තෝ!

දැන් හම්බන්තොට පළාතේ ”අලි” එළවීම ආණ්ඩුවෙන් ආරම්භ කර ඇත. අලියාට අයත් වල්කඩ හෙවත් වන රොද අලියාට අයත් ආහාර හා ජලය ආදිය දැන් අලියාට හිමිව නැත. ඌ ඒ නිසා එන්නේ ඒවා සොයා ගෙන ය. ”අලි මිනිස්” වලිය ඇතිවන්නේ එවිට ය. ඒ වලිය විසදන්නට යැයි කියා පුනරුද ආණ්ඩුව කරන්නේ අලි එළවීම ය. පුංචි පහේ එළවීමක් නොව, රුපියල් කෝටි 46ක් වියදම්කර අලි එළවීම ය. අලි – වලිය ආණ්ඩුවේ මහත්වරුන්ගේ ”මරු – ජොලිය” බවට පත් වී ඇති අයුරු අලි – වලියට වැයකරන මුදලේ ප්‍රමාණයෙන් තේරුම් ගත හැකිය.

මෙච්චර කෝටි ගණනක් වැයකර අලියා එලෙව්ව ද නැවත ඒ අලියා ගම කරා ඒම වැළකිය නොහැක. ඒ, ඊනියා වාසභූමියේ අලියාට කන්න කෑම හෝ බොන්න වතුර හෝ නැති නිසා ය. මේ මුදල් වැයකර ඒවා ඇති කළේ නම් වෙඩි තබා අලි එළවීමට අවශ්‍ය වන්නේ නැත. පුනරුදයටත් පුරුදු අතීසාරයට අමුඩ ගැසීමට ය. හැබැයි මේ අමුඩයෙන් ”වලිමග” (අධෝ මුඛය) වත් වහගන්නට පුළුවන් කමක් නැත.

ජනප්‍රිය පුවත්  පින්ටෝ අනතුරුදායකයි! ප්‍රවේශමෙන් පරිහරණය කරන්න!

පුනරුදයේ නායක අනුර කුමාරුගේ සහ ඔහුගේ ඇමැති මඩුල්ලේ මොළය පුනරුත්ථාපනය කළ යුතුය. අලින්ට කතා කිරීමට හැකියාව තිබුණේනම්, උන් කියන කතා අසා අපට ”වලිමග” තුළිනුත් හිනා යනු වැළකිය නොහැකි ය. අලි වලි බේරන්නටවත් නොදන්නා වුන් පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය වලි බේරන්නේ කෙසේද?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x