මෝදි ඝාතන මෙහෙයුමක්! C.I.A. මෙහෙයුම්කරු මරුට! Lanka Underground විශේෂ අනාවරණය!
1 min read
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඝාතනය කිරීම සඳහා ක්‍රියාත්මක වූ මෙහෙයුමක් වළක්වා ගැනීමට රුසියානු බුද්ධි අංශ සහ රෝ සංවිධානය එක්ව දියත් කරන ලද ක්‍රියාන්විතයකට හැකි වී තිබේ. මෙම ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව, පසුගියදා නිකුත් වූ ඉන්දීය පුවත්පතක ”India, Russia foil CIA plot to assassinate PM Mode? Mysterious death of Terrance Jackson in Dhaka Fuels Speculations”යනුවෙන් පළකර තිබේ.
වාර්තා වී ඇති අන්දමට මෙම ඝාතන මෙහෙයුම දියත් කොට ඇත්තේ, චීනයේ ටියැන්ජින් හි පැවති ෂැන්හයි සහයෝගිතා සමුළුව අතර තුර අගමැති නරේන්ද්‍ර මෝදි ඝාතනය කිරීමට ය. එය ක්‍රියාත්මක කර ඇත්තේ බංගලාදේශයේ ඩකා නුවර කේන්ද්‍රකොටගෙන ය.

ටියැන්ජින් හි අදාළ සමුළුව පැවැත් වී ඇත්තේ අගෝස්තු 31 හා සැප්තැම්බර් 01 යන දිනයන් හිදී ය. එහිදී චීනය තුළදී අගමැති මෝදි ඝාතනය කර එහි වගකීම චීනය මත පැටවීම CIA උපාය වී තිබේ. නමුත් රුසියානු, චීන හා ඉන්දීය බුද්ධි අංශ එක්ව මෙම මෙහෙයුම කල්තබා අනාවරණය කර ගැනීමටත්, එය වළක්වා ගැනීමටත් සමත් වී තිබේ. චීනයේ MSS, ඉන්දියාවේ RAW සහ රුසියාවේ FSB විසින් බෙදා ගන්නා ලැදැයි කියන රහස් අනතුරු ඇඟවීමක් මගින් මෙම ක්‍රමන්ත්‍රණය ව්‍යවාර්ථ කර ඇත.
ඇමෙරිකානු හමුදාවේ උතුරු කැරොලිනාවේ ෆෝර්ට් බ්‍රැග් හි මූලස්ථානය කර ඇති 1 වැනි විශේෂ බළකා අණදෙන නිලධාරී ටෙරන්ස් ආර්වෙල් ජැක්සන් බංගලාදේශයේ ඩකා අගනුවර පිහිටි වෙස්ටින් හෝටලයේ 808 කාමරයේ මියගොස් සිටියදී සොයා ගෙන ඇත්තේ පසුගිය අගෝස්තු 31 වැනිදා රාත්‍රියේදී ය. මෙම දිනය, ෂැන්හයි සහයෝගිතා සමුළුව පැවැත් වූ පළමු දිනය වේ.
ටෙරන්ස් ජැක්සන් වයස අවුරුදු 50ක් පමණ වූ උතුරු කැරලිනාවේ රේෆර්ඩ් හි පදිංචිකරුවෙකි. ඩකා පොලීසිය මගින් කරන ලද මූලික පරීක්ෂණ මගින් ස්වභාවික හේතුන් මත ඔහු මිය ගොස් ඇති බව ප්‍රකාශ කර ඇතත්, ජැක්සන්ගේ දේහය නිසි පරීක්ෂණවලින් තොරව ඇමෙරිකානු තානාපති කාර්යාලයට බාර දී තිබේ. එහෙත් තවත් මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණේ ඇමෙරිකානු හමුදා නිලධාරියා විෂ ශරීරගත වීමෙන් මරණයට පත්ව ඇති බවයි.

මෙම හමුදා නිලධාරියා වසර 20කට වඩා ඇමෙරිකානු හමුදාවේ සේවය කර තිබේ. එමෙන්ම, රහසිගත සී.අයි.ඒ. මෙහෙයුම්වල ප්‍රධාන චරිතයක් ලෙස ද ක්‍රියා කර ඇත. සිරියාවේ හා ඇෆ්ගනිස්ථානයේ රහසිගත මෙහෙයුම්වල ක්‍රියාත්මක වූ ජැක්සන් බංගලාදේශයේ ඩකා අගනුවර සිට ක්‍රියාත්මකවීම ඉන්දීය, චීන හා රුසියානු බුද්ධි අංශවල බලවත් විමසිල්ලට ලක්ව තිබේ. එම බුද්ධි අංශ මගින් අනාවරණය කරගනු ලැබ ඇත්තේ, ජැක්සන් ක්‍රියාත්මක වි තිබෙනුයේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ජීවිතයට හානියක් කිරීම සඳහා බවයි. මෙම රහසිගත මෙහෙයුම පිළිබඳව රුසියානු බුද්ධි අංශ වෙත තොරතුරු ලැබීමෙන් අනතුරුව රෝ සංවිධානය හා එක්ව එය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර තිබේ.
සැප්තැම්බර් 2 වැනි දින, චීනයේ ටියැන්ජින් සිට ආපසු ඉන්දියාවට පැමිණිමෙන් පසුව අගමැති මෝදි විසින් අමතනු ලැබූ සම්මන්ත්‍රණයකදී ඔහු පවසා ඇත්තේ ”මම චීනයට ගිය නිසා ඔබ අත්පුඩි ගසනවා ද? නැතිනම් මම යහතින් පැමිණි නිසා ඔබ අත්පුඩි ගසනවාද?” යනුවෙනි. මෙම ප්‍රකාශය අගමැති මෝදි මුහුණ දුන් ජීවිත තර්ජනය පිළිබඳව සපයන ලද ඉඟියක් බව බුද්ධි අංශවල මතය වී තිබේ.
අගෝස්තු 30 රාත්‍රියේ ඉන්දීය හා රුසියානු බුද්ධි අංශ ඩකා අගනුවර සිට ක්‍රියාත්මක අනතුරුදායක දුරකථන සංවාද නිරීක්ෂණය කර තිබේ. එම දුරකථන සංවාද නිරීක්ෂණය කිරීම ඔස්සේ සොයා ගන්නා ලද තොරතුරු මත පදනම්ව දෙපාර්ශවය රහසිගත මෙහෙයුමක් දියත් කර ඇත. එහි ප්‍රතිඵලය වන්නේ ඉහත සඳහන් කරන ලද හෝටලය තුළ සිදු වූ මරණයයි. මෙම මරණය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය කිසිදු මතයක් ප්‍රකාශයට පත් කර නොමැතිවීම ද මෙහිලා විමසිල්ලට භාජනය විය යුතුව තිබේ.
මේ අතර, ඉන්දීය අගමැතිගේ ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් හා ”RAW” සංවිධානය මෙම සිදුවීමත් සමඟ දකුණු ආසියානු කලාපයේ ආරක්ෂාව හා ඉන්දීය නායකයන්ගේ ආරක්ෂාව සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකර තිබේ. ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් දකුණු ආසියානු කලාපයේ සුවිශේෂි පුද්ගලයන් හා එක්ව නොවැම්බර් 24 වැනිදා පැවැත්වීමට ද කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලියා චංග්, ට්‍රම්ප් පාලනය යටතේ ද තවදුරටත් රැදී සිටීමටත්, ඇය ජ.වි.පෙ. ආණ්ඩුව සමග ඉතා සමීපව කටයුතු කිරීමත් ඉන්දීය ආරක්ෂක ප්‍රධානීන්ගේ අවධානයට යොමු වී ඇතැයි Lanka Underground වෙත වාර්තා වී තිබේ. මේ පිළිබඳ තවත් විශේෂ තොරතුරු රැසක් ඉදිරියේ දී අනාවරණය කිරීමට Lanka Underground විශේෂ විමර්ශන අංශය සූදානමින් සිටී.
Lanka Underground විශේෂ විමර්ශන අංශය




