September 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සූරසේන “රී ලෝඩයට” හරිනි එරෙහි වේ !

1 min read

දේවගැති, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ විශ්‍රාම වයස තව වසර 2 කින් දිගු කිරීම පිණිස ගෙන එන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දක්වන්නේ නිහඬ පිළිවෙතකි.

මේ පිළිබඳව සොයා බැලූ අපගේ මාධ්‍ය කණ්ඩායම අණාවරණය කරන්නේ, අගමැතිනී හරිනි අමරසූරිය 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිටින්නේ විරුද්ධ ස්ථාවරයක බවයි. හරිනි අමරසූරියට සමීප කණ්ඩායම් විසින්, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවේචනය ඇයට වටහා දී තිබෙන බැවින් මෙම තත්ත්වය ඇති වී ඇතැයි පැවසේ.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදු කර ගැනීම හරහා, පසුව ගෙන එනු ලබන පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපතිධූරය අහෝසි කර, අනුර දිසානායක ජනරජයේ අගමැති බවට පත්වීමට සැලසුම් කර ඇතැයි අගමැති හරිනි අමරසූරිය වටහාගෙන තිබේ. එමඟින්, පාර්ලිමේන්තුවේ ආයු කාලය සහ නව අගමැතිගේ ආයු කාලය වසර 5 කින් දිගු කර ගැනීමත්, පළාත් සභා සඳහා දැනට තිබෙනවාට වඩා ස්වයංපාලන බලතල ලබාදීමත් සිදු කිරීමට සැලසුම් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පවත්නා පුරප්පාඩු හා අභියාචනාධිකරණයේ පවත්නා පුරප්පාඩු පිරවීමෙන් වැලකී සිටින්නේ, සූරසේන දිගුව ලබාදීමත් සමඟ දිලීප පීරිස්, වත්මන් අධිකරණ අමාත්‍යාංශයේ ‍ලේකම් අයේෂා ජිනදාස වැනි අය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙන බැවිණි.

ජනප්‍රිය පුවත්  පොලීසියෙන් කැරැල්ලක්! බුද්ධි අංශ අනතුරු අඟවයි!

අදාළ පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනමතවිචාරණය සුළු ජාතික ඡන්ද මුළුමනින්ම හා සිංහල ඡන්ද සුළුතරයක පිහිටෙන් දිනාගෙන ජ.වි.පෙ. බලය වර්ධනය කරන සැලසුම තුළ හරිනි අමරසූරියට තැනක් තවදුරටත් හිමි නොවන බව ඒ අනුව පැහැදිලි වී තිබේ.

මේ තත්ත්වය තුළ අගමැතිනිය 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පක්ෂපාති අදහස් දැක්වීමෙන් වැළකී සිටින බවත්, ඉදිරියේ දී එයට විරුද්දව මත දැක්වීමේ ඉඩක් පවතින බවත් අපගේ ආරංචි මාර්ග පෙන්වා දේ.

  • පුබුදු ජයතිලක
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x