ඉන්දියාව සමඟ තව ගිවිසුම් 33ක්! කැබිනට් අනුමැතිය ලැබේ!
1 min read
ඉන්දීය රජයේ ණය ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ රුපියල් මිලියන 2371කට අධික වටිනාකමකින් යුත් ව්‍යාපෘති 33ක් ක්‍රියාත්මක කිරීම පිණිස අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඔක්තෝබර් 28 දාතම සහිතව නිකුත් කෙරුණු කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය නිවේදනයේ මේ පිළිබඳව සුළු වශයෙන් තොරතුරු ඇතුළත් කර ඇතත්, ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කරනු ලබන ව්‍යාපෘති මොනවාදැයි සදහන් කර නැත.
මීට අදාළ මූලික අවබෝධතා ගිවිසුමක් දෙරට අතර පසුගිය අප්‍රේල් මස 05 වැනිදා අත්සන් කර තිබේ. එම මූලික අවබෝධතා ගිවිසුමට අනුව, ව්‍යාපෘති 33ට අදාළ වන අවබෝධතා ගිවිසුම් 33ක් ඉන්දියානු මහකොමසාරිස්වරයා විසින් සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාතංශයේ ලේකම්වරයා විසින් අත්සන් කිරීම සඳහා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ප්‍රදේශය ආවරණය වන පරිදි මෙම බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. ත්‍රිකුණාමලය වරාය යනු, යුද උපායමාර්ගික වශයෙන් ඉහළ ස්වභාවික වරායකි.
කපිල නදුන් අමරසේකර Underground වාර්තාකරු
