June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලංකාදීපෙ සේවකයෝ ලොක්කාගෙ කාර්යාලය වටලති

1 min read

ලංකාදීප පුවත්පතේ සේවය කරන සේවකයන්ගේ වැටුප් නිසි වේලාවට නොගෙවීම හා ‘‘බෝනස්“ මෙන්ම වෙනත් දීමනා නොලැබීම හේතුකොටගෙන එම සේවකයන් පිරිසක් පසුගිය (23) දා ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ කාර්යාලය වටකර තිබේ. එසේ වටකර ඇත්තේ ජනක රත්නකුමාර නැමැති ප්‍රධාන විධායක නිලධාරියාගේ කාර්යාලය බව වාර්තා වේ.

දැනට වසරක පමණ කාලයක සිට විජය පුවත්පත් සමාගෙමේ බොහෝ සේවකයින්ගේ වැටුප් ගෙවීම සිදු කොට ඇත්තේ කොටස් කිහිපයකට හා බෙහෙවින ප්‍රමාද වීය. ආයතනය මෙවැනි අර්බුදයකට පත්ව ඇත්තේ ප්‍රධාන විධායක නිලධාරියාගේ අදූරදර්ශී තීරණ නිසා බව සේවකයන්ගේ මතය වී තිබේ. අධික පාඩු ලබන විශ්ව විද්‍යාල හා හෝටල් ව්‍යාපෘති ආරම්භ කිරීමට ආයතනයෙන් උපයන ලද මුදල් යෙදවීම වැනි තීරණ ඒ අතර වේ. සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන වයෝවෘද්ධව පසුවීම මත මේ වන විට සියලු තීරණ ගන්නේ මෙම ප්‍රධාන විධායක නිලධාරියා විසිණි.

පිටු සැකසුම් ශිල්පීන් පිරිසක් ඔහුගේ කාර්යාලය වටකළ විට ප්‍රධාන විධායක නිලධාරියා විසින් කර්තෘවරුන් දෙදෙනෙක් ගෙන්වා ගෙන සේවකයන්ට පොරොන්දු වී ඇත්තේ ඊට පසුවදාම ප්‍රශ්නය විසදනු ලබන බවයි.

ජනප්‍රිය පුවත්  අසෝක රංවලගේ බිරිඳ පැදවූ රියත් අනතුරක!

”අද” සහ ”දේශය” පුවත්පත් ද පසුගිය කාලය තුළ වසා දැමීමට තීරණය කළේ ද ආයතනය මුහුණ පා ඇති මූල්‍ය අර්බුදය හේතුකොටගෙන ය.

සමන් වීරතුංග Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x