June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කතරගම කිරිවෙහෙර විහාරාධිපතිගේ ආරක්ෂාවත් ඉවත් කරයි!

1 min read

කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ඉවත් කොට එම නිලධාරීන් දෙදෙනා කිරිවෙහෙර පහළ මළුවට සහ ඉහළ මළුවට යොදවා ඇතැයි වාර්තා වේ.

එම නාහිමියන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනා ද කාවන්තිස්සපුර මූලස්ථාන කඳවුර වෙත කැඳවා ඇතැයි පැවසේ. පොලිස්පතිවරයාගේ නිසි අවසරයකින් තොරව දේශපාලන සහ ආගමික නායකයන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ආරක්ෂක නිලධාරීන් ඉවත් කරන ලෙස තංගල්ල පොලිස් අධිකාරී කොට්ඨාශය තුළ ඇති සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට තංගල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා චක්‍ර ලේඛයක් මගින් දැනුම් දී තිබේ.

කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ගත වූ වසර 7කට වැඩි කාලයක් තිස්සේ පොලිස් හා එස්.ටී.ඒෆ්. ආරක්ෂාව ලබා දි තිබුණි. මෙම අවස්ථාවේදී මෙම ආරක්ෂාව ඉවත් කිරීමට ආණ්ඩුව ක්‍රියා කර ඇත්තේ කතරගම දේවලයේ නිලමේ තීරණය කරනු ලබන ඡන්ද විමසීමේදී ආණ්ඩුවෙන් ඉදිරිපත් කර සිටින අපේක්ෂකයාට සහයෝගය නොදී, වෙනත් අපේක්ෂකයකුට සහයෝගය ලබාදීමට කිරිවෙහෙර රජමහා විහාරාධිපති ස්වාමීන්වහන්සේ ක්‍රියා කිරීම හේතුකොටගෙන ය.

ජනප්‍රිය පුවත්  උතුරේ මහ විරු සැමරුම් ජයටම… ප්‍රධාන සැමරුම වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළේ….!

භාතිය පෙරේරා Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x