කොළඹ ජාතික රෝහල වැස්සෙන් යටවුණු හේතුව
1 min read
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය ඇතුළු අංශ කිහිපයක් වැස්සත් සමග ජලයෙන් යට වුණේ, කොළඹ නගර සභාව විසින් නොරිස් ඇළ නිසිපරිදි පිරිසිදු නොකිරීම සහ නිසි අයුරින් නඩත්තු නොකිරීම හේතුවෙන් බව වාර්තා වෙයි.
කොළඹ ආශ්රිත ප්‍රදේශවලට ඊයේ (06) පස්වරුවේ ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබුණි.
වැස්සත් සමග කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, විකිරණ අංශ, ශෛල්‍යාගාර ඇතුළු රෝගී වාට්ටු රැසක්ද ජලයෙන් යටවුණි.
ජල ගැලීම් හේතුවෙන් හදිසි අනතුරු අංශයේ විදුලි සෝපාන කිහිපයක්ද අක්‍රීය වී ඇති බව වාර්තා විය.
මේ හේතුවෙන් රෝගීන් වෙනත් වාට්ටු වෙත යොමු කිරීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලයට දැඩි පරිශ්‍රමයක් දැරීමටද සිදුවී තිබුණි.
නොරිස් ඇළ දෙපස අනවසර ඉදිකිරීම් සහ වෙළඳසැල්වලින් අවිධිමත් ලෙස ඇළට කසල බැහැර කිරීම වැනි ක්‍රියා හේතුවෙන් මෙම තත්ත්වය මතුවී ඇති බවද වාර්තා වෙයි.
අධික වැසි සමඟ මාර්ග කිහිපයක ඇතිවූ ජලගැලීම් හේතුවෙන් කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයකම ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ලවුණි.
