අධික වර්ෂාපතනයත් සමග අලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ
1 min read
වැල්ලවාය අලිකොටආර ජලාශයේ ජල පෝශක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබේ.
එම නිසා අලිකොටආර ජලාශයේ වාන් දොරටු තුනක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර එම ජලය කිරිදිඔයට මුදා හැරෙන බැවින් කිරිදිඔයේ ජල මට්ටම ද ඉහල යමින් ඇත.
එම නිසා කිරිදිඔය දෙපස ජනතාව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දීමක්
කර සිටී.
