November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආනයන අපනයන ලේඛන කටයුතු ඩිජිටල් කිරීමට නව රෙගුලාසි

1 min read

ශ්‍රී ලංකාවේ ආනයන, අපනයන සහ ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය ලේඛන සහ අනුමැතීන් ඩිජිටල් ක්‍රමයට කළමනාකරණය කිරීම සඳහා නව රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2006 අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනත යටතේ මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව නොවැම්බර් 05 වැනිදා සිට ක්‍රියාත්මක වන මෙම රෙගුලාසි මගින් ජාතික වෙළෙඳ තනි කවුළු පද්ධතිය හෙවත් National Single Window for Trade සඳහා නීතිමය පිළිගැනීම ලබාදී තිබේ.

One TRADE ලෙස නම් කර ඇති මෙම ඩිජිටල් පද්ධතිය හරහා ආනයන හා අපනයන කටයුතුවලට අදාළ අයදුම්පත්, ප්‍රකාශන, ලේඛන සහ අනෙකුත් තොරතුරු විද්‍යුත් ක්‍රමයට ඉදිරිපත් කිරීමට පහසුකම් සැලසේ.

එමෙන්ම අදාළ රාජ්‍ය ආයතනවලට එම ලේඛන පරීක්ෂා කිරීම, අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කටයුතු පවතින නීතිවලට යටත්ව ඩිජිටල් ක්‍රමයට සිදුකිරීමට අවස්ථාව හිමිවේ.

GovTech Sri Lanka (Pvt) Ltd සමාගම මෙම පද්ධතියේ බලයලත් මෙහෙයුම්කරු ලෙස නම් කර ඇති අතර, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, පොල් සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන හයක් ඊට සහභාගි වන ආයතන ලෙස නම් කර තිබේ.

ජනප්‍රිය පුවත්  භික්ෂු හැඳුනුම්පත මුද්‍රණය තවත් ප්‍රමාදයි

අදාළ ගැසට් නිවේදනයට අනුව තේ, පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු භාණ්ඩවලට අදාළ HS වර්ගීකරණ අංක 124ක් මෙම නව රෙගුලාසිවලට ඇතුළත් කර ඇත.

මීට අමතරව One TRADE පද්ධතිය හරහා ඉදිරිපත් කරන විද්‍යුත් ලේඛන, ඒවා විද්‍යුත් ස්වරූපයෙන් පවතින බව පමණක් පදනම් කරගෙන නීතිමය වලංගුභාවයෙන් බැහැර කළ නොහැකි බව ද ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x