ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..
1 min read
ප්‍රංශයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති විසින් රට පුරා විරෝධතා සහ වර්ජන මාලාවක් දියත් කිරීමට සැරසීමත් සමඟ එරට දැවැන්ත ජන අරගලයක් ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජීවන වියදම ඉහළ යාමට එරෙහිව සහ වේතන ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය සමිති 5ක් එක්ව මෙම දීපව්‍යාප්ත ක්‍රියාමාර්ගය සංවිධානය කර තිබේ.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩුවලට එරෙහිව පාසල් සිසුන් ආරම්භ කළ විරෝධතාවලට මේ වන විට “කහ කබා (Yellow-vest)” ව්‍යාපාරය සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ද එකතු වී සිටින බව සඳහන්.
මෙම විරෝධතා සඳහා ලක්ෂ 5 සිට 7 දක්වා වූ පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 70,000ක් යොදවා ඇති බව වාර්තා වේ.
විරෝධතා හේතුවෙන් ප්‍රවාහන, අධ්‍යාපන සහ බලශක්ති ක්ෂේත්‍රවලට බලපෑම් එල්ල වී ඇති අතර, පැරිස් අගනුවර ඇතුළු නගර රැසක විරෝධතා පාගමන් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
