November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහර සභාපති ඉල්ලා අස්වේ..

1 min read

මහර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් මෙන්ම තමන් නියෝජනය කළ කොට්ඨාසයේ මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වීමට තීරණය කළ බව අතුල කළුආරච්චි මහතා නිවේදනය කරයි.

තම නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම තීරණය කිසිසේත්ම ක්ෂණිකව ගත් එකක් නොවන බවත්, වසර කිහිපයකට පෙර සිය පක්ෂය සමඟ ඇති කරගත් දේශපාලන එකඟතාව සහ වගකීම් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ගත් පියවරක් බවත්ය.

දූෂිත පවුල් පාලනය පරාජය කර ජනතාවාදී පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම දේශපාලන ගමනට එක්වූ බව සිහිපත් කරන ඒ මහතා, 2024 සැප්තැම්බර් 21 වන දින එම ඓතිහාසික ජයග්‍රහණය අත්කර ගැනීමෙන් පසු රට තුළ ස්ථාවර සංවර්ධනයක නව යුගයක් ආරම්භ වී ඇති බව පෙන්වා දෙයි.

තවද, ඉදිරි ගමන භාරගත හැකි දක්ෂ තරුණ නායකත්වයක් හා ශක්තිමත් කණ්ඩායමක් මේ වන විට බිහිව ඇති බැවින්, තමන් දැරූ වගකීම් නව පරපුරට පැවරීමට සුදුසු පසුබිමක් නිර්මාණය වී ඇති බවද ඔහු පවසයි.

සිය පෞද්ගලික වෘත්තීය කටයුතු සහ ජීවිතය නිසි පරිදි කළමනාකරණය කරගැනීම සඳහා වැඩි කාලයක් හා අවධානයක් යොමු කිරීමේ අරමුණින් මෙම ඉල්ලා අස්වීම සිදුකළ බව පවසන අතුල කළුආරච්චි මහතා, මෙය කිසිසේත්ම දේශපාලන අරමුණු අත්හැරීමක් හෝ ජනතා සේවයෙන් ඉවත්වීමක් නොවන බව දැඩිව අවධාරණය කරයි.

ජනප්‍රිය පුවත්  කෝටි දෙකහමාරක මුදල් වංචාවකට මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට.. රිමාන්ඩ්..
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x