November 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආනයනික සහල් වර්ග දෙකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවතට

1 min read

ආනයනික සහල් වර්ග දෙකක් සඳහා කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව අමු සහල් (Raw Rice) සහ තම්බන ලද සහල් (Parboiled Rice) යන කාණ්ඩවලට අයත් නිශ්චිත HS කේත දෙකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (02) නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මෙම නියෝගය නිකුත් කර ඇත.

පසුගිය 2025 දෙසැම්බර් 31 වැනි දින නිකුත් කළ අංක 2469/12 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව, අදාළ සහල් වර්ග සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබුණි.

ඒ අනුව පොතු ඉවත් කළ දුඹුරු සහල්, අමු සහල්, තම්බන ලද සහල් සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදක් පනවා තිබුණි.

ජනප්‍රිය පුවත්  ජනපති ආරුගම්බේ !

කෙසේ වෙතත් නව ගැසට් නිවේදනය මගින් එම අමු සහල් සහ තම්බන ලද සහල් සඳහා පනවා තිබූ එම රුපියල් 65 වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට මෙලෙස පියවර ගෙන තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x