ඩෙංගු මර්දනයට විශේෂ සතියක්
1 min read
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 74 ක් ආවරණය කරමින් විශේෂ ඩෙංගු මර්දන සතියක් 9 වැනිදා සිට 14 දක්වා ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය කටයුතු යොදා තිබේ.
ඉකුත් 2 සිට 7 දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ එම ඩෙංගු මර්දන වැඩසටහන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලබන සතියට කල් දැමීමට සිදුවිය.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, පළාත් පාලන ආයතන හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව මෙය ක්‍රියාවට නැංවීමට නියමිතය.
