November 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ ඥාතියෙකුගේ ඉඩමේ ගංජා වැටලීමේ සිද්ධිය: හිටපු පොලිස් කොස්තාපල් සුසන්ත නිදහස්..

1 min read

රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ ඥාතියෙකුට අයත් බව කියන ඉඩමක තිබූ ගංජා වගාවක් වැටලීමේ සිද්ධියකට අදාළව පැවති නඩුවකින් සූරියකන්ද පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි නිදහස් කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කර තිබේ.

ඇඹිලිපිටිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ මෙම පැමිණි‍ල්ලෙන් සැකකරු මුදාහැරීමට අධිකරණයෙන් නියෝග නිකුත් වූයේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 123 වගන්ති ප්‍රකාරව බවට කියැවිණි.

ඒ, මෙම සිද්ධියට අදාලව අද (02) දිනයේ චෝදනා ගොනු කිරීමට අධිකරණයෙන් නියෝග කර තිබූ අවස්ථාවකයි.

ඇඹිලිපිටිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් මෙම සැකකරුට එරෙහිව අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධී බියගැන්වීම ඇතුළු චෝදනා 03ක් යටතේ අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.

සැකකරු වෙනුවෙන් නීතිඥ පුංචිහේවා පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x