November 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නැගෙනහිර ජැටිය විකුණනවද නැද්ද කියන්න ඕන වරාය ඇමතියි.. – ඇමති බිමල්

1 min read

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය විකිණීමට හෝ පෞද්ගලික අංශයට පැවරීමට වත්මන් ආණ්ඩුව තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.

නැගෙනහිර ජැටිය පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් පවතින බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඩොලර් මිලියන 200 කට ආසන්න දැවැන්ත වාර්ෂික ආදායමක් උපයන මෙවැනි උපායමාර්ගික ආයතන ආරක්ෂා කරන බවට පොරොන්දු වී බලයට පත්වූ ආණ්ඩුව, වර්තමානයේ ඊට පටහැනිව කටයුතු කරන්නේ දැයි මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් වරාය විෂයභාර අමාත්‍යවරයා නොවන බැවින් එහි පරිපාලනමය කරුණු පිළිබඳව සවිස්තරාත්මකව ප්‍රකාශ කළ යුත්තේ වරාය අමාත්‍යවරයා වුවද, ආණ්ඩුවක් ලෙස එවැනි තීරණයක් ගෙන නොමැති බව තමන්ට ප්‍රකාශ කළ හැකි බවයි.

“නැගෙනහිර පර්යන්තය කියන්නේ ඉතාමත් වටිනා ජාතික සම්පතක්. ඒ වගේම එය කළමනාකරණය කිරීම විශාල වගකීමක්. අපි පිළිගත යුතු කරුණක් තිබෙනවා; වරාය කර්මාන්තය කියන්නේ ලෝකයේ පවතින විශාලතම සහ ඉහළම තරගකාරීත්වයක් සහිත ක්ෂේත්‍රයක්. ඒ සඳහා නවීන තාක්ෂණය අත්‍යවශ්‍යයි. එහෙත්, මෙම පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට රජය කිසිදු තීරණයක් අරගෙන නෑ. මෙවැනි ප්‍රවෘත්ති මාධ්‍යයට යන්නේ කෙසේදැයි මා දන්නේ නැහැ” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජනප්‍රිය පුවත්  අහුංගල්ලේ වෙඩි තැබීමට සැකකරුවෙකු අත්අඩංගුවට
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x