November 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ත්‍රීරෝද රථ ගාස්තුත් වැඩිවෙන ලකුණු

1 min read

ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව ත්‍රීරෝද රථ ගාස්තු ද ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පැවසුවේය.

ඒ මහතා පැවසූවේ පළවෙනි කිලෝමීටර්යට අයකරනු ලබන රුපියල් 110 ගාස්තුව රුපියල් 120කට සංශෝධනය විය යුතු බවයි.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා,

“ගිය මාසයෙත් වැඩි කරා. අපි ඉල්ලීම කරා අපිට සද්දයක් නැහැ. දැන් මේ මාසයෙත් වැඩි වෙලා තියෙනවා. දැන් මේක රුපියල් 25කින් වැඩි වෙලා තියෙනවා. ඊට සාපේක්ෂව අපි පරිභෝජනය කරන සියලු දේ වැඩි වෙලා තියෙනවා. අද ගෑස් හොයාගන්න නැහැ. ඉතින් මේක අන්තෝ ජටා බහි ජටා වගේ අපිව නන්නත්කාර වෙන ක්‍රමවේදයක් තියෙන්නේ. මේක පාරිභෝගිකයා තේරුම් ගන්න ඕනේ. දැන් මේ වෙනකොට අපි ධාවනය කරන්නේ රුපියල් 110යි. පළවෙනි කිලෝමීටරයේ සංශෝධනය විය යුතු ගාස්තුව රුපියල් 120කට, දෙවෙනි කිලෝමීටරයේ ඉඳන් අපි මේ වෙනකොට අය කරන්නේ රුපියල් 90යි. ඒක රුපියල් 100ක් විය යුතුයි කියන එක තමයි අපේ යෝජනාව වෙන්නේ. ඒක අපි අරගෙන යනවා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට. අපි බලමු ඉස්සරහට මේ ඉදිරි ඉදිරි කීපය තුළදී ඒ අයගේ ප්‍රතිචාර. එහෙම නැති වුණොතින් එහෙම අපිට යන්න වෙනවා අනිවාර්යයෙන්ම අපේ මීටර සංශෝධනය, ඒ කියන්නේ ගාස්තු මීටරය සංශෝධනය කරන ආයතනත් එක්ක කතා කරලා මේක ගෙනියන්න විදියක් නැති වෙනවා. අපි එහෙම්පිටින්ම අසරණතාවයකට පත් වෙනවා.”

ජනප්‍රිය පුවත්  හවුති කැරළිකරුවන් සෞදි අරාබිය වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, ලෝක බොරතෙල් මිල ඉහළට
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x