November 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

B1/B2 වීසා බලපත්‍රලාභීන් සඳහා අමෙරිකාවෙන් දැඩි අවවාද

1 min read

B1/B2 සංචාරක වීසා බලපත්‍රයක් මත අමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙන විට ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳව දැනුවත් වන ලෙස මෙරට අමෙරිකානු තනාපති කාර්යාලය දැනුම් දීමක් සිදුකර තිබේ.

එහි සඳහන් වන්නේ ඔබේ වීසා බලපත්‍රය අනිසි ලෙස භාවිත කළහොත් හෝ අවසර දී ඇති කාලසීමාව ඉක්මවා එක්සත් ජනපදයේ රැඳී සිටියහොත්, අනාගතයේදී එක්සත් ජනපදයට සංචාරය කිරීම ස්ථිරවම තහනම් වීමට ඉඩ ඇති බවය.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදය වෙත B1/B2 සංචාරක වීසා බලපත්‍රයක් මඟින් ඇතුළු වන සංචාරකයින් සඳහා එරට බලධාරීන් විසින් වැදගත් මතක් කිරීමක් නිකුත් කර තිබේ.

වීසා නීතිරීතිවලට අනුකූලව කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම සංචාරකයාගේ වගකීමක් වන අතර, නීති උල්ලංඝනය කිරීම් දැඩි ලෙස සැලකිල්ලට ගතයුතු බව බලධාරීහු පෙන්වා දෙති.

මෙම වීසා බලපත්‍රය යටතේ අමෙරිකාවට ඇතුළු වන පුද්ගලයින්ට කළ හැකි සහ කළ නොහැකි දේවල් මොනවාද යන්න පිළිබඳව දැනුම් දී තිබේ.

ඒ අනුව,

🟢 කළ හැකි දේ

කොන්ත්‍රාත් සාකච්ඡා පැවැත්වීම

ව්‍යාපාරික සමුළු සහ සම්මන්ත්‍රණ සඳහා සහභාගී වීම

ජනප්‍රිය පුවත්  ඩෙංගු රෝගීන් ගණන 61,000 ඉක්මවයි

🔴 කළ නොහැකි දේ

අමෙරිකා එක්සත් ජනපදය තුළදී කිසියම් ආකාරයක තමාට කරන මුදල් ගෙවීමක් (Payment) ලබා ගැනීම

ඇමරිකානු සේවා යෝජකයෙකු යටතේ සේවය කිරීම

ඔබේ වීසා බලපත්‍රය නිසි පරිදි සහ නීත්‍යානුකූලව භාවිත කිරීම සම්පූර්ණයෙන්ම ඔබේ වගකීමක් වන බැවින්, වීසා කොන්දේසි කඩවීමෙන් සිදුවිය හැකි නීතිමය ගැටලුවලින් වැළකී සිටින ලෙස බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති.

වැඩි විස්තර සඳහා travel.state.gov/visas වෙත පිවිසෙන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x