මීපේ කර්මාන්ත ශාලාවක පිපිරීමක්
1 min read
පාදුක්ක මීපේ ප්රදේශයේ කර්මාන්ත ශාලාවක අද (30) සිදු වූ පිපිරීමකින් තුවාල ලැබූ සේවකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි. .
එහිදී තිදෙනෙකු ලබා ඇති අතර ඔවුන් මේ වනවිට හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇති බව සඳහන්ය. එම පිපිරීම හේතුවෙන් අසල නිවසකට දැඩි හානි සිදුව තිබේ.
අදාළ කර්මාන්ත ශාලාවේ ලිහිසි තෙල් ගබඩා කිරීම සඳහා වෙන්දේසියකින් මිලදී ගත් ඉන්ධන පිරවුම්හලකින් ඉවත් කරන ලද ටැංකියක් එහි තිබූ ඉන්ධන ඉවත් නොකර අවශ්ය පරිදි ගෑස් මගින් කපා සකස් කිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බව ද පොලීසිය සඳහන් කළේය.
මෙම පිපිරීමෙන් පිරිමි සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් සේවිකාවකගේ හිස මතට උළු කැටයක් වැටීම හේතුවෙන් ඇය ද රෝහල් ගත කර ඇති බව පොලිසිය කීය. සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
