කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්යග්රහය නතර කිරීමට හේතුවත් ආරණ්යවාසී හිමිවරුන් මාධ්යයට හෙළිකරති..
1 min read
පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පැවැත්වූ සත්යග්රහය තාවකාලිකව නතර කරන ලද්දේ මහානායක හිමිවරු විසින් එවා තිබූ ලිපියට ගරුකරමින් බවත්, මහනායක හිමිවරුන් ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමට අවශ්ය මැදිහත්වීම සිදුකරනු ඇති බවට විශ්වාස කරන බවත් මෙම සත්යග්රහයට සහ නිදහසේ පා ගමනය සම්බන්ධවූ ආරණ්යවාසී භික්ෂූන් වහස්සේලා විසින් විශේෂ මාධ්ය සාකච්ඡාවක් පවත්වමින් කරුණු සඳහන් කර තිබේ.
තාවකාලිකව මෙම සත්යග්රහය නතර කරන ලද්දේ එම නිසා බවත්, පූජ්ය බලන්ගොඩ කස්සප හිමියන් එක්තරා හෝටලයකට ගිය බවට විවිධ පාර්ශ්වවලින් නගන චෝදනා සම්බන්ධයෙන් ද මෙහිදී උන්වහන්සේලා කරුණු හෙළිදරව් කර සිටියහ.
සත්යග්රහය අතරතුරේ දී කස්සප හිමියන් දැඩිව රෝගී වූ බවත්, වර්ෂාවට තෙමෙමින් බොහෝ අපහසුතා මැද ගත කළ මෙම කාලසීමාවේදී උන්වහන්සේ මෙම රෝගී තත්වයේ සිටිමින්ම කැපවී කටයුතු කිරීම නිසා අවසානයේ උණ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා දායක මහත්මයකු විසින් මෙම හෝටලයේ කාමරයක් ලබාගෙන උන්වහන්සේව එම ස්ථානයට රැගෙන ගිය බවත්, එහිදී උන්වහන්සේ තනියම නොව භක්ෂූන් වහන්සෙලා කිහිප නමක් සමගින් එම හෝටලයට වැඩිය බවත් කෙසේ වෙතත් මුල සිටම කස්සප හිමියන් මෙම ස්ථානයේ නතර වීම ප්රතික්ෂේප කළ ද එම අවස්ථාවේ වෙනත් පන්සලකින් හෝ ආරාධනයක් නොලැබුනු හෙයින් අවසානයේ මෙයට එකඟවී එම ස්ථානය වැඩිය බවත් උන්වහන්සේලා පවසති.
මෙම හෝටල් කාමරයට ගිය විගසම උන්වහන්සේගේ රෝගී තත්වය උත්සන්න වීම නිසා වෛද්යවරුන් හෙද හෙදියන් පවා මෙම හෝටලයට පැමිණ කස්සප හිමියන්ට ප්රථිකාර ලබාදුන් බවත් සඳහන් කරන උන්වහන්සේලා, සමාජ මාධ්ය ඔස්සේ පළවී තිබුනේ කස්සප හිමියන් හෝටලයකට යාම පිළිබඳව පමණක් බවත්, එම කිසිඳු දර්ශනයක වෛද්යවරුන් පැමිණ ප්රථිකාර ලබාදුන් ආකාරය දක්වා නොතිබූ බවත් අනාවරණය කරති.
