June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තවත් විදෙස් ජාතිකයින් පිරිසක් ගාල්ලේ දී අත්අඩංගුවට

1 min read

ගාල්ල වරාය, මාගල්ල හා සම්බෝධි හන්දිය අසල ප්‍රදේශවලදී පරිගණක අපරාධ සිදුකළ බවට සැකපිට විදෙස් ජාතිකයින් 23දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගාල්ල වරාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අවුරුදු 21ත් 47ත් අතර වයස්වල පසුවන ඉන්දීය සහ නේපාල ජාතිකයින් බවද සඳහන්.

සැකකරුවන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 10ක්, ජංගම දුරකථන 32ක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x