බෙංගාල බොක්ක ආශ්රිතව 31දා කැළඹිලි තත්ත්වයක්…!
1 min read
බෙංගාල බොක්ක ආශ්රිතව තවත් කැළඹිලි ස්වභාවයක් මෙමස 31 වැනිදා වර්ධනය විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බටහිර-මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවැති ‘ඔර්නබ්’ ඉතා ප්රබල සුළි කුණාටුවක් ලෙස අන්ද්රා ප්රදේශ් වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිමට අද (28) පෙරවරුවේ ගමන් කිරීමට නියමිත බවත් මින් දිවයින පුරා කාලගුණික තත්ත්වයට ඇතිවන බලපෑම අද (28) සිට ක්රමයෙන් අඩුවනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
