October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදේශ ගමන් බලපත්‍ර ගැන දැනුම්දීමක්

1 min read

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය කාර්යාලවලින් මාර්ගගතව (Online) වේලාවන් වෙන්කර ගැනීමේ පහසුකම ලබන 29 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මහජනතාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමට හැකියාව ලැබේ.

මෙම පහසුකම මහනුවර, යාපනය, කුරුණෑගල, වවුනියාව සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාල හරහා ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත්, බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මෙම වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය අදාළ නොවන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x