එළවළු පලතුරු අපනයන ආදායම බිංදුවයි
1 min read
ඉකුත් වසරේ (2025) ජනවාරි සිට සැප්තැම්බර් කාලයට සාපේක්ෂව මේ වසරේ සමාන කාලපරිච්ඡේදය තුළදී ඇඟලුම් සහ රෙදිපිළි, තේ යන ක්ෂේත්රවල අපනයන ආදායම් වර්ධනය අඩුවී තිිබෙන බව අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කරන ලද නවතම වාර්තාවේ දැක්වේ.
ඉකුත් වසරේ (2025) ජනවාරි සිට සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළදී ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 4,011 ක් වූ අතර මේ වසරේ සමාන කාල පරිච්චේදය තුළදී එය එක්සත් ජනපද ඩොලර් මිලියන 3,783 ක් දක්වා සියයට ඍණ 5.68 කින් (-5.68%) ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම අඩුවී තිබේ.
කෙසේ නමුත් ඉකුත් වසරේ (2025) සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම සියයට 3.46 කින් (3.46%) වර්ධනයවී ඇත.
ඉකුත් වසරේ (2025) සැප්තැම්බර් මාසයේදී ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 425 ක් වූ අතර මේ වසරේ සැප්තැම්බර් මාසයේදී එය එක්සත් ජනපද ඩොලර් මිලියන 439 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලයේ තොරතුරු සඳහන් කරයි. මේ අතර ඉකුත් වසරේ (2025) ජනවාරි සිට සැප්තැම්බර් කාලයට සාපේක්ෂව මේ වසරේ සමාන කාලපරිච්ඡේදය තුළදී තේ අපනයන ආදායම සියයට ඍණ 6.83 කින් (-6.83%) අඩුවී ඇත.
ඉකුත් වසරේ (2025) ජනවාරි සිට සැප්තැම්බර් කාලය තුළදී තේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,163 ක් වූ අතර මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළදී තේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,083 ක් දක්වා අඩුවී තිබේ.
එමෙන්ම,ඉකුත් වසරේ (2025) සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ සැප්තැම්බර් මාසයේදී තේ අපනයන අදායම සියයට ඍණ 1.38 කින් (-1.38%) අඩුවී ඇත.
ඉකුත් වසරේ (2025) සැප්තැම්බර් මාසයේදී තේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 137 ක් වූ අතර මේ වසරේ සැප්තැම්බර් මාසයේදී එම අදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 135.11 ක් දක්වා අඩුවී ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්තා පෙන්වා දෙයි.
ඉකුත් වසරේ (2025) සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පොල් ආශ්රිත නිෂ්පාදන අපනයන ආදායමද අඩුවී තිබේ.
ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී පොල් ආශ්රිත නිෂ්පාදන අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 122 ක් වූ අතර මේ වසරේ සැප්තැම්බර් මාසයේදී එය එක්සත් ජනපද ඩොලර් මිලියන 111 ක් දක්වා සියයට ඍණ 8.88 කින් (-8.88%) අඩුවී ඇත.
මීට අමතරව,ඉකුත් වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලයට සාපේක්ෂව මේ වසරේ සමාන කාලපරිච්ඡේදය තුළදී එළවළු, පලතුරු, වෙනත් අපනයන භෝග අපනයන ආදායමද ඍණ අගයක් ගෙන තිබේ.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ පවසා සිටියේ මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වය තවමත් මෙරට අපනයනකරුවන්ට බලපා තිබෙන බවය.
ප්රවාහන ගාස්තු, රක්ෂණ ගාස්තු වැඩිවීමත් කලාපීය රටවල පවතින ගැටලුකාරී තත්ත්වයත් හේතු කොටගෙන මෙරට අපනයනකරුවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා සිටින බවද ඔහු පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (26 වැනිදා) පැවැති මාධ්ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
