October 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වැලිඅමුන යළි ලංකාවට ! ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩුවකට ඉව අල්ලයි !

1 min read

ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුන ඕස්ට්‍රේලියාවේ සිට මේ වන විට යළිත් මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. එසේ පැමිණීමෙන් පසුව, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මුණගැසීමට ඔහු උත්සාහා දරා ඇතත්, මේ දක්වා එම උත්සාහය සාර්ථක වී නැතැයි අපගේ ආරංචි මාර්ග පෙන්වා දේ.

මේ දිනවල ඔහු, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා විසින් බාරගනු ලැබ ඇති ශ්‍රේෂ්ඨාධිකරණයට අයත් නඩු වෙනුවෙන් එහි පෙනී සිටින බවද පැවසේ. “සිලින්ඩරය” පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා තමන් බාරගෙන ඇති නඩු විභාග සඳහා ඉදිරිපත් කරනුයේ අගවිනිසුරුට හා විනිසුරන්ට සුවිශේෂීව බලපාන ජ.වි.පෙ. පාලනයට සමීප නීතිඥයන්ව ය. ඒ අනුව, ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුන හා ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම වැනි නීතිඥයන් මේ දිනවල බහුලව සිදු කරනුයේ අධිකරණය හමුවේ විභාග වන නීතිඥ ෆයිසර් මුස්තාපා විසින් බාරගෙන ඇති පාර්ශවය වෙනුවෙන් වූ නඩු විභාග සඳහා ඉහළ මිල ගණන් යටතේ පෙනී සිටීමය.

ජේ.සී. වැලිඅමුන ජ.වි.පෙ. නායකත්වය සමඟ මේ දිනවල සමීප ඇසුරක් පවත්වායනු ලබන අතර, ඔහුගේ අපේක්ෂාව වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට පවත්නා පුරප්පාඩුවක් සඳහා තමන්ව ජනාධිපතිවරයා හරහා පත් කර ගැනීමය. එයට දැනටම ජනාධිපතිවරයාගේ එකඟතාව ලැබී ඇති මුත්, ජ.වි.පෙ. පක්ෂයේ අනුකූලතාව ඇති කර ගැනීමද ඒ සඳහා වැදගත් වන බැවින් ඔහු ටිල්වින් සිල්වා හෝ බිමල් රත්නායක මුණ ගැසීමට මේ දිනවල උත්සාහ කරමින් සිටිතැයි වාර්තා වේ.

ජනප්‍රිය පුවත්  NPP මන්ත්‍රී කෝසල නුවන්ව මරා දැමුවාද?

ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන “ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂන්ල්” හි ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ජේ.සී. වැලිඅමුන ය.

  • තාරක විජේසූරිය
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x