October 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

භික්ෂූන් වහන්සේලා විහාර මහාදේවි උද්‍යානයේ කඳවුරු බදී

1 min read

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ කඳවුරු බදිමින් රැදී සිටින බව වාර්තා වේ.

අද (16) දහවල් වන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැදි සිටි භික්ෂූන් වහන්සේ පිරිස අනතුරුව බුද්ධශාසන අමාත්‍යංශය ඉදිරිපිටට වැඩම කළේය.

එහිදි එම අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ භික්ෂූන් වහන්සේ කිහිපනමක් සාකච්ඡාවක නිරත වූ අතර අනතුරු එය අසාර්ථක වු බව පවසමින් ඉල්ලීම් සදහා විසදුමක් ලබා දෙන තෙක් විහාරමහා දේවි උද්‍යානයේ රැදී සිටින බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි පැවසීය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ පසුගිය 10වනදා මහනුවර දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ කෙරිණි.

එම පා ගමනට එක්වූ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි අතර එහිදි මහා සංඝරත්නය සදහන් කළේ ඥානසාර හිමිට නිදහස ලබාදීම සම්බන්ධයෙන් නිෂ්චිත ප්‍රතිචාරයක් ආණ්ඩුවෙන් ලබා දිය යුතු බවය.

අනතුරුව එම ස්ථානයට ජනාධිපති ලේකම්වරයා මෙන්ම ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා පැමිණි අතර නිසි විසදුමක් නොලැබීම හේතුවෙන් එම පිරිස එහි රැදී සිටීමට පියවර ගත්තේය.

ජනප්‍රිය පුවත්  නීතිපතිගේ ‘උපදෙස් නැති’ ලිපිගොනුව සහ පැඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරම්ට ලැබුණු ‘සහනය’: ආගමික සංහිඳියාවේ නඩුව ලබන වසර දක්වා තල්ලු වීම පිටුපස ඇති ඇත්ත කුමක්ද?

පසුව එම භික්ෂුන් වහන්සේලා එම ස්ථානයේ තාවකාලික අට්ටාල ඉදිකිරීමට යෑමේදී පොලීසිය සමග උණුසුම්කාරි තත්ත්වයක් හට ගෙන තිබුණි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැදී සිටින මහා සංඝරත්නය ඇතුළු පිරිසට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබා දී තිබු අතර එම තීන්දුව අද දහවල් එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරීන් මහා සංඝ රත්නය ඇතුළු පිරිසට දැනුම් දුන්නේය.

පොලිසිය කළ දැනුම් දීමට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැදී සිටි භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස අනතුරුව එම ස්ථානයෙන් ඉවත් වීමට පියවර ගත්තේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x