October 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගෑස් හිඟයක්

1 min read

මැද පෙරදිග යුදමය තත්ත්වය නිසා මෙරට වෙළෙඳපොළ තුළ බරපතළ ගෑස් හිඟයක් මතුව ඇත. මෙරට ගෑස් සැපයුමෙන් සියයට අසූවක්, අසූපහකට හිමිකම් කියන්නේ ලිට්‍රෝ ගෑස් සමාගමවන අතර ඉතිරි සියයට පහළොවත් විස්සකට හිමිකම් කියන්නේ ලාෆ්ස් ගෑස් සමාගමය.

කොළඹ ඇතුළු බස්නාහිර පළාත තුළ සති තුනක පමණ කාලයක් ලාෆ්ස් ගෑස් හිඟයක්ද, සතියක පමණ කාලයක් ලිට්‍රෝ ගෑස් හිඟයක්ද පවතින බව අලෙවි නියෝජිතයෝ පවසති.

සති තුනක පමණ කාලයක් තොග නොලැබුණු බවද ඔවුහු පවසති.

ගෑස් හිඟය සම්බන්ධයෙන් ලාෆ්ස් (කහ) සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එම්. වෑගපිටියගෙන් ‘අරුණ’ කළ විමසීමේදි ඔහු කියා සිටියේ ලෝකයේම ගෑස් අර්බුදයක් මතුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ (නිල්) ගෑස් සමාගමෙහි සභාපති චන්න ගුණවර්ධනගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පසුගිය දින දෙකෙහි ගෑස් නැව්වල ප්‍රමාදයක් ඇතිවූ බවයි.

කෙසේ වෙතත් ඊයේ (15 වැනිදා) වන විට මෙට්‍රික් ටොන් 3500 ක ගැස් තොගයක් සහිත නෞකාවක් මෙරටට පැමිණි බවත් එම ගෑස් කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවරගෙන ඇති බවද ඔහු කීය. දිනකට අවශ්‍ය ගෑස් තොගය මෙට්‍රික් ටොන් එක්දහස් දෙසීයකි.

ජනප්‍රිය පුවත්  මේක පාස්කු මහ නඩුව නෙමෙයි.. සැබෑ මහ මොළකරුවන් හෙළිදරව් කළ යුතුයි..

ඉරිදා (18 වැනිදා) වන විට ගෑස් හිඟය නිමවනු ඇතැයි ද ඉදිරි දිනවලදි ඇණවුම් කර තිබෙන ගෑස් තොග මෙරටට ළඟාවනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

ලාෆ්ස් ගෑස්වල යම් කිසි හිඟයක් මතුවීම හේතුවෙන් පාරිභෝගිකයන් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට පෙලඹීමත් මෙම තත්ත්වයට යම් බලපෑමක් වු බද ලිට්‍රෝ සභාපතිවරයා කියා සිටියේය.

ගෑස් තොග රැස් කිරීමට පියවර නොගන්නා ලෙසත් ඉරිදා දිනයෙන් පසුව හිඟය නිමවන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x