ඥානසාර හිමිට නිදහස ඉල්ලා පැමිණි මහ සඟරුවන තවදුරටත් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට
1 min read
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමනට’ එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස මේ වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිති.
ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි මහා සංඝරත්නය ඇතුළු පිරිස එහිදී අවධාරණය කළේ, ඥානසාර හිමියන්ට නිදහස ලබාදීම සම්බන්ධයෙන් රජය නිශ්චිත ප්රතිචාරයක් ලබාදිය යුතු බවය.
පසුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එම ස්ථානයට පැමිණ මහා සංඝරත්නය හමුවූ අතර, එහිදී පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස මහා සංඝරත්නය ඉල්ලීමක් කර තිබේ.
