October 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉදිරි වසර දෙක අනතුරුදායකයි ! IMF කියයි

1 min read

ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය කැපී පෙනෙන ලෙස පහත වැටෙනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනාවැකි පළ කරනවා.

එම අරමුදල විසින් නිකුත් කරන ලද නවතම World Economic Outlook වාර්තාව මඟිනුයි මේ බව පෙන්වා දී ඇත්තේ.

අදාළ වාර්තාවට අනුව, 2025 වසරේදී සියයට 5.0ක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) සැබෑ වර්ධන වේගය, 2026 වසරේදී සියයට 4.0 දක්වාත්, 2027 වසර වන විට තවදුරටත් සියයට 3.7 දක්වාත් අඛණ්ඩව පහත වැටෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

ආර්ථික වර්ධනය අඩාල වීමට අමතරව මෙරට ආර්ථිකයේ ප්‍රධාන දුර්වලතා කිහිපයක් සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංඛ්‍යාලේඛන මඟින් අවධානය යොමු කර තිබෙනවා.

2025 වසරේදී සෘණ සියයට 0.5ක් (-0.5%) ලෙස පැවති පාරිභෝගික මිල උද්ධමනය, 2026 වසරේදී සියයට 5.3ක් දක්වාත්, 2027 දී සියයට 5.4ක් දක්වාත් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. මේ හේතුවෙන් ඉදිරියේදී ජීවන වියදම් පීඩනය තීව්‍ර වීමේ අවදානමක් මතුවිය හැකියි.

2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.6ක අතිරික්තයක් වාර්තා කළ මෙරට ජංගම ගිණුමේ ශේෂය, 2026 දී සෘණ සියයට 0.5ක් (-0.5%) සහ 2027 දී සෘණ සියයට 0.3ක් (-0.3%) දක්වා පහත වැටෙමින් යළි හිඟයක් බවට පත්වනු ඇතැයි දැක්වෙනවා.

ජනප්‍රිය පුවත්  ගල් අඟුරු සභාපතිගේ හඬ පට අහසට!

මෙරට විරැකියා අනුපාතය 2025 සිට 2027 දක්වා කාලය තුළ සියයට 3.9 මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇති බවට ගණන් බලා තිබෙනවා.

ගෝලීය භූ-දේශපාලනික අර්බුද, විශේෂයෙන්ම මැදපෙරදිග ගැටුම් හමුවේ බලශක්ති සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි ඉන්ධන ආනයනය මත යැපෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් දැඩි පීඩනයකට ලක්වන බව IMF වාර්තාව අවධාරණය කරනවා.

ඉහළ යන ආනයන පිරිවැය, විනිමය අනුපාත මත ඇතිවන බලපෑම, සීමිත මූල්‍ය ඉඩකඩ සහ ඉහළ ණය බර හේතුවෙන් ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීම අභියෝගාත්මක වී තිබෙනවා.

එසේම, අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන මිල ඉහළ යාමෙන් අඩු ආදායම්ලාභී පවුල් මත පැටවෙන පීඩනය අවම කිරීම සඳහා පොදු සහනාධාර ලබා දීම වෙනුවට, සැබවින්ම අවදානමට ලක්විය හැකි පාර්ශ්ව පමණක් ඉලක්ක කරගත් තාවකාලික ආධාර ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම සහ මූල්‍ය විනය රැකගැනීම අත්‍යවශ්‍ය බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙනවා.

  • ශවින්ද්‍ර සමරසිංහ
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x