October 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යෝෂිතගේ නඩුව කල්යයි

1 min read

2006 වසරේ විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස නිසි සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතාව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාවකට යොමු කිරීම තුළින් “දූෂණය” නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මේ මස 28 වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියම ක‍ෙළේය.

මෙම නඩුකරය අද (13) කොළඹ මහාධිකරණය විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී

ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන් විසින් ඉල්ලා සිටි ලේඛනවලින් කොටසක් පමණක් ලැබී තිබෙන බවත් ඉතිරි ලේඛන පැමිණිල්ල විසින් ලබාදී නොමැති බවත් සඳහන් කළේය.

ඒ අනුව, විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන තිබේ නම් ඒවා ලබාදීමට කටයුතු කරන ලෙස අල්ලස් කොමිසමට දැනුම්දුන් විනිසුරුවරයා මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යළිත් මේ මස 28 වනදා කැඳවන ලෙසත් නියම කළේය.

ජනප්‍රිය පුවත්  ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි

2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ නමැත්තා බඳවා ගැනීම සහ එතෙක් පැවැති පටිපාටියට පරිබාහිරව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා යෝෂිත රාජපක්ෂ මහතා සහභාගි කරවීමට කටයුතු කරවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති, වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x