ආණ්ඩුව විවේචනය කළ විශ්වවිද්යාල සිසුවා අත්අඩංගුවට
1 min read
ජනාධිපතිවරයාට අග්රාමාත්යවරියට සහ රජය විවේචනය කරන පෝස්ටුවක් සිය මුහුණු පොතේ ගිණුම ඔස්සේ ප්රචාරය කර කඩාකප්පල්කාරී ක්රියාවක් සිදුකිරීමට තැත් කළේ යැයි කියමින් විශ්වවිද්යාල සිසුවෙක් කොබෙයිගනේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මේසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොබෙයිගනේ ප්රදේශයේ පදිංචි රුහුණු විශ්වවිද්යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලබන 21 හැවිරිදි සිසුවෙකි.
නිකවැරටිය සතිපොළ භූමියේදී ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පසුගිය එකොළොස් වැනිදා ජන හමුවක් ද පැවැත් වූ අතර එවැනි වටපිටාවක් තුළ මෙවැනි පෝස්ටුවක් පළ කිරීම සම්බන්ධයෙන් මෙම විශ්ව විද්යාල සිසුවා අත්අඩංගුවට ගන්නා ලදැයි උසස් පොලිස් නිලධාරියෙක් මාධ්යට පැවසීය.
