October 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වාහන හා රන් ඇපකර ණය ඉහළ යෑමෙන් මූල්‍ය පද්ධතියේ අවදානම වැඩිවෙලා

1 min read

වාහන මූල්‍යකරණය සහ රන් ඇපකර මත ලබාදෙන ණය සඳහා ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් මුදල් සමාගම් අංශයේ ණය වර්ධනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘2026 මූල්‍ය ස්ථායිතා විවරණය’ පෙන්වා දෙයි.

මෙම ණය වර්ධනයත් සමඟ කුටුම්භ ණය ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් පෞද්ගලික අංශයේ ණය පරතරය ද අඛණ්ඩව පුළුල් වී ඇති බව මහ බැංකුව සඳහන් කරයි. එම තත්ත්වය මූල්‍ය පද්ධතිය තුළ පද්ධතිමය අවදානම් ගොඩනැගීමට හේතු විය හැකි බවද වාර්තාවේ දැක්වේ.

කුටුම්භ අංශයේ ණයගැතිභාවය ඉහළ යෑම, ඇපකර මත ලබාදෙන ණය ප්‍රමාණය වැඩිවීමත් සමඟ ඇපකරවල වටිනාකම උච්චාවචනය වීම, දේපළ මිල ගණන් ඉහළ යෑම සහ උද්ධමන පීඩන හේතුවෙන් මූල්‍ය අවදානම් තවදුරටත් ඉහළ ගොස් ඇති බවද එහි සඳහන් වේ.Book Beach Resorts

මෙම අවදානම් පාලනය කිරීමේ අරමුණින් මහ බැංකුව මේ වසරේ මැයි මාසයේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ නැංවූ බවත්, වාහන සහ රන් ඇපකර ණය සඳහා වටිනාකම මත ණය අනුපාතික සීමා ඇතුළු සාර්ව විචක්ෂණ ක්‍රියාමාර්ග හඳුන්වා දුන් බවත් වාර්තාවේ දැක්වේ.

ජනප්‍රිය පුවත්  තෙල් නල මාර්ග වලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු සෞදි අරාබිය යුරෝපයට තෙල් නැව්ගත කිරීම් අවලංගු කරයි – Reuters

මෙම වර්ධනයේ ප්‍රමාණය පිළිබඳ මහ බැංකුවේ දත්ත අනුව, 2026 පළමු කාර්තුව අවසානයේ මුදල් සමාගම් අංශයේ සමස්ත ණය වර්ධනය වාර්ෂික පදනමින් සියයට 52.4ක් වූ අතර, වාහන ඇපකර ණය සියයට 52.8කින් ද රන් ඇපකර ණය සියයට 69.2කින් ද වර්ධනය වී තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x