October 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුව විවේචනය කළ විශ්වවිද්‍යාල සිසුවා අත්අඩංගුවට

1 min read

ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරියට සහ රජය විවේචනය කරන පෝස්ටුවක් සිය මුහුණු පොතේ ගිණුම ඔස්සේ ප්‍රචාරය කර කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකිරීමට තැත් කළේ යැයි කියමින් විශ්වවිද්‍යාල සිසුවෙක් කොබෙයිගනේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මේසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි රුහුණු විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලබන 21 හැවිරිදි සිසුවෙකි.

නිකවැරටිය සතිපොළ භූමියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය එකොළොස් වැනිදා ජන හමුවක් ද පැවැත් වූ අතර එවැනි වටපිටාවක් තුළ මෙවැනි පෝස්ටුවක් පළ කිරීම සම්බන්ධයෙන් මෙම විශ්ව විද්‍යාල සිසුවා අත්අඩංගුවට ගන්නා ලදැයි උසස් පොලිස් නිලධාරියෙක් මාධ්‍යට පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x