සැප්තැම්බරයේ විදෙස් ප්‍රේෂණ අඩු වෙලා
1 min read
විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඉකුත් අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේදී ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තා පෙන්වා දෙයි.
විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඉකුත් අගෝස්තු මාසයේදී ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 748.6 කි. නමුත්, සැප්තැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන734.4 ක් දක්වා අඩුවී ඇත.
මේ වසරේ ජූලි මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබී තිබූ ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 777.6 කි. මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,865.4 ක් වන අතර, එය ඉකුත් වසරේ (2025) සමාන කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 18.1 ක වර්ධනයකි.
ඉකුත් වසරේ (2025) ජනවාරි සිට සැප්තැම්බර් කාලය තුළදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,811.7 කි.
- ජගත් ශ්‍රී පටබැඳී
