ඇමැති බිමල් සහ LTTE ඩයස්පෝරාව අතර රහසිගත හමුවක් !
1 min read
මේ වන විට ස්වීඩනය බලා පිටත්ව ගොස් සිටින අමාත්‍ය, සභානායක, ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක ඉතාම රහසිගතව ස්වීඩනයේ ක්‍රියාත්මක LTTE හිතවාදී පෙරමුණු සංවිධානයක් (LTTE Front Organization) වන “Eelam Tamil Union Sweden” (ETU) සංවිධානයේ ප්‍රධානින් ඇතුළු තවත් එබඳු සංවිධාන කිහිපයක නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ. මේ සඳහා නෝර්ඩික් කලාපීය රටවල සම්බන්ධීකරණය කරන “Tamil Coordinating Committee” (TCC) සංවිධානයේ ප්‍රධානින් ද සහභාගි වී තිබේ.
ස්වීඩනයේ “ගොතන්බර්ග්” (Gothenburg) නගරයේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත LTTE හිතවාදී ව්‍යාපාරිකයකුගේ නිවසේ දී මෙම හමුව සිදු වී තිබේ.
එහිදී සාකච්ඡා කරන ලද කරුණු මෙතෙක් අණාවරණය වී නැතත්, අපගේ තොරතුරුකරු ප්‍රකාශ කළේ කාලය ගතවීමත් සමග එම තොරතුරු ද අණාවරණය කරගත හැකි වනු ඇති බවයි.
පසුගියදා, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී LTTE ඩයස්පෝරාව ජ.වි.පෙ. මුදල් විශාල වශයෙන් ලබා දුන් බවයි.
- නෝර්ඩික් රටවල විශේෂ වාර්තාකරු
