October 11, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉම්රාන් ඛාන් ගැන තොරතුරු ඉල්ලයි

1 min read

පාකිස්තාන බලධාරීන් විසින් තම නැන්දණියන් තිදෙනා පැහැරගෙන ගොස් තවමත් රඳවාගෙන සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය හෝ ඔවුන්ව රඳවා තබා ගැනීමට හේතු පිළිබඳව කිසිදු තොරතුරක් තම පවුලේ අයට හෝ නීතිඥවරුන්ට ලැබී නොමැති බවත් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පුත් කාසිම් ඛාන් පවසයි.

තමන් සහ තම සහෝදරයා මාස හයකට වැඩි කාලයක් තිස්සේ තම පියා සමඟ කිසිදු සම්බන්ධයක් පවත්වා නොමැති බවද ඔහු පවසා තිබේ.

2023 අගෝස්තු මාසයේ සිට අඩියාලා බන්ධනාගාරයේ රඳවා සිටින PTI පක්ෂයේ නිර්මාතෘ, පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසත් ඔහුව නිදහස් කරන ලෙසත් ඉල්ලමින් පසුගිය මාසයේ ඉස්ලාමාබාද් වෙත පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා පාගමනට පෙර මෙම සහෝදරියන් තිදෙනා අත්අඩංගුවට ගෙන දින 30ක කාලයක් රඳවා තබා ගැනුණි.

X සටහනක් ඔස්සේ කාසිම් ඛාන් තම නැන්දණියන් මුහුණ දී ඇති තත්ත්වය තම පියා සමඟ දිගින් දිගටම සම්බන්ධයක් නොමැති වීම පිළිබඳ සඳහන් කර ඇත්තේ තමා සහ තම සහෝදරයා මාස හයකට වැඩි කාලයක් තිස්සේ ඉම්රාන් ඛාන් සමඟ කතාබහ කර නොමැති බවය.

ජනප්‍රිය පුවත්  ඉදිරියේදී වෙනස් වන කාලගුණය

හිටපු අගමැතිවරයා සිරගත කිරීමට එරෙහිව පාකිස්තානයේ පැවැත්වෙන විරෝධතා පිළිබඳව ද ඔහු අදහස් දක්වා තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x