October 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සිවුර දැරීම ගැන තීරණය කරන කමිටුවේ බෞද්ධ විරෝධීන් !

1 min read

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ බුද්ධ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් අධිකරණය වෙත රැගෙන ඒමත් සමඟ මෙරට භික්ෂුූ භික්ෂුණී හා ගිහි ජනතාව අතර ඇති වූ බලවත් සංවේගය තුනී කිරීමේ කූඨ අරමුණින් ජනාධිපතිවරයා විසින් පත්කරන ලද පස් දෙනකුගෙන් යුත් කමිටුවේ දෙදෙනකුට බෞද්ධ විරෝධී භාවිතාවක හිමිකරුවන් බව අප වෙත අණාවරණය වේ.

එහි මූලිකයා වන ප්‍රින්ස් සේනාධීර වත්මන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. එම තණතුරට පත්වීමට පෙර, ඔහු දීප්ති කුමාර ගුණරත්නගේ මූලිකත්වයෙන් පැවති “X කණ්ඩායමේ” සාමාජිකයකු ලෙස ක්‍රියා කර ඇති අතර, එම කණ්ඩායම මගින් ප්‍රකාශයට පත්කරන ලද සඟරා හා විවිද ලේඛන මගින් බෞද්ධ විරෝධී මතවාද ප්‍රවර්ධනය කර තිබේ. එම ලක්‍ෂණ තිබීම මත ජනාධිපති අනුර කුමාර විසින් ඔහුව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කරන ලදී.

මීට අමතරව, මෙහි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස සාමාජිකත්වය දරන පියුමන්ති පීරිස් ද උග්‍ර බෞද්ධ විරෝධී මත දරන්නියක බව පැවසේ. ඇයව මෙම කමිටුවට ඇතුළත් කර ගැනීමට මූලික හේතුව වී ඇත්තේ ද ඇයගේ එම ස්ථාවරය බව ජනාධිපති ලේකම් කාර්යාලයීය ආරංචි මාර්ග පෙන්වා දේ.

ජනප්‍රිය පුවත්  ආර්ථිකය බරපතල අනතුරක !

මෙම කමිටුව මගින්, ඕනෑම අපරාධ චෝදනාවකට අධිකරණය මගින් දඬුවම් නියම කරන ලද බෞද්ධ භික්ෂූන් පමණක් නොව ඕනෑම ආගමක පූජ්‍ය පක්ෂය, අදාළ ආගමික ඇඳුමින් දඬුවම් ලබන කාලය ගත කිරීම සඳහා අවස්ථාව ලබාදීම මෙම කමිටුව දැමීමේ සැලසුම වී තිබේ. මේ පිළිබඳව අප කළ විමසීමකට පිළිතුරු දුන් බෞද්ධ ජනතාවගේ ඉමහත් සම්භාවනාවට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ හිමිනමක් පැවැසුවේ, දැනටමත් බන්ධනාගාර අභ්‍යන්තර මඟපෙන්වන පොතේ මේ පිළිබඳ ගත යුතු පියවර දක්වා තිබෙන බවයි. එය අනුව ක්‍රියාත්මක නොවී මේ කමිටු දාන්නේ බෞද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය එමගින් ද දියාරු කර දැමීමට මිස අන් කිසිවකට නොවන බවයි. “මේ කමිටු අප පිළිගත යුතු නෑ ! බෞද්ධාගමට ගහන්න තියන හැම අතින්ම ගහනවා ! දැන් අපි තීරණය කළ යුතුයි…” යනුවෙන් ද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

  • රවී ජයතිලක

ප්‍රින්ස් සේනාධීර

පියුමන්ති පීරිස්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x