October 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..

1 min read

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි ප්‍රමුඛ සංඝරත්නය විසින් ආරම්භ කර ඇති මෙම අත්සන් ලබා ගැනීමේ පෙත්සම පසුව ජනාධිපතිවරයා වෙත භාර දීමටද නියමිතව ඇත.

ඒ අනුව අද උදෑසන මහා සංඝරත්නය විසින් පළමුව දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලය වෙත ගොස් දේව කන්නලව්වක්ද සිදුකරනු ලැබූ අතර පසුව අත්සන් ලබා ගැනීම ආරම්භ කරනු ලැබීය.

පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් පැවසුවේ අද දිනය පුරාවට දෙවිනුවර, මාතර, වැලිගම, හබරාදුව හා ගාල්ල යන නගරවලදී මෙම අත්සන් ලබා ගැනීමට නියමිත බවත් හෙට දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වෙන බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x