ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට අනතුරු ඇඟවීමක්
1 min read
දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට අදියර එක සහ දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර දෙක යටතේ අවදානයෙන් සිටින ලෙසට දැනුම්දී ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැළියගොඩ, වැලිගේපොළ, රත්නපුර සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ විමසිල්ලෙන් සිටින ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි
