October 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බාල ගල්අඟුරු ආනයනයෙන් බිලියන 15කට වැඩි අලාභයක් – අමාත්‍ය අනුර කරුණාතිලක

1 min read

මෑතකදී මෙරටට ආනයනය කළ බාල තත්ත්වයේ ගල්අඟුරු හේතුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 15.765ක අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

බාල ගල්අඟුරු භාවිතය නිසා අහිමි වූ මෙගාවොට් පැය ප්‍රමාණය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා වෙනත් විකල්ප මාර්ගවලින් විදුලිය මිලදී ගැනීමට ජාතික පද්ධති මෙහෙයුම්කරු (NSO) වෙත රුපියල් බිලියන 8.571ක මුදලක් වැය කිරීමට සිදු වූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඊට අමතරව, අතිරේක ගල්අඟුරු තොග පවත්වාගෙන යාම, අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සහ මෙහෙයුම් ගාස්තු ඇතුළු වියදම් වෙනුවෙන් (EDL) සමාගම වෙත තවත් රුපියල් බිලියන 7.912ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුවූ බවයි ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ.

කෙසේ වෙතත්, මෙම සිදුවීමට අදාළ පාර්ශවයන්ට දඩ පැනවීම සහ කාර්ය සාධන බැඳුම්කර අත්හිටුවීම හරහා රුපියල් බිලියන 16.989ක මුදලක් රඳවා ගැනීමට රජය පියවර ගෙන ඇති බවත්, එමගින් සිදුවූ මුළු අලාභය රුපියල් බිලියන 15.765ක් ලෙස ගණනය කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.

මෙම බාල ගල්අඟුරු ආනයනය නිසා ඇතිවූ මූල්‍යමය පාඩුව සහ පිරිවැය කිසිසේත්ම විදුලි පාරිභෝගිකයන් මත නොපටවන බවට රජය සහතික වන බවද අමාත්‍ය අනුර කරුණාතිලක මෙහිදී අවධාරණය කළා.

ජනප්‍රිය පුවත්  මාතර සමූපකාර රෝහල අදත් උණුසුම්! හදුන්නෙත්තිගේ ලේකම් පන්නා දමයි!
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x