October 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. – ඇමති විජිත

1 min read

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අතීතයේදී පලාලි ඇතුළු ප්‍රධාන මාර්ග රැසක යොදා තිබූ ආරක්ෂක බාධක හේතුවෙන් ප්‍රවාහන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබුණද, වර්තමානය වන විට එම බාධක ඉවත් කර සාමාන්‍ය බස් රථ සේවා ඇතුළු සියලුම ප්‍රවාහන පහසුකම් යථා තත්ත්වයට පත් කර ඇති බව උතුරු හා නැගෙනහිර පළාත්වල සිදු කළ ආරක්ෂක මාර්ග බාධක ඉවත් කිරීමේ පියවර පිළිබඳ කරුණු දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව, උතුරු පළාතේ ඉඩම් නැවත නිදහස් කිරීමේ ක්‍රියාවලිය ද කඩිනමින් ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. එහිදී අයිතිකරුවන් විදේශගතව සිටීම, මියගොස් තිබීම හෝ වෙනත් පාර්ශ්වයන් අයිතිවාසිකම් කීම වැනි මතුව ඇති විවිධ ගැටලු නිරාකරණය කරගැනීම සඳහා විශේෂ ඉඩම් කච්චේරි පවත්වමින්, නිසි ක්‍රමානුකූල පටිපාටියක් ඔස්සේ අදාළ ඉඩම්වල අයිතිය තහවුරු කිරීමට පියවර ගනිමින් සිටී.

ජනප්‍රිය පුවත්  අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන දිලිත්ගේ රිට් පෙත්සම කැඳවයි..

තවද, චෙම්මනි ඇතුළු මෙරට සියලුම සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් සිදු කෙරෙන කැණීම් කටයුතු දැනටමත් අධිකරණ අධීක්ෂණය යටතේ සිදුවන බව අවධාරණය කළ අමාත්‍යවරයා, එම විමර්ශන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ අදාළ ජාත්‍යන්තර ආයතනවලින් විද්‍යාත්මක විශේෂඥ සහාය ලබාගැනීමට රජය කැමැත්ත පළ කර ඇති බවද පැවසීය.

ඒ අනුව, දැනට සිදුවෙමින් පවතින චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් අවසන් වූ වහාම, ඊට අදාළ ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණ සහ කාබන් කාලනිර්ණ පරීක්ෂණ නිවැරදිව හා විද්‍යාත්මකව සිදුකිරීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර විශේෂඥ සහාය ලබාගැනීමට රජය ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය.

Back

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x