October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නීතිපති පුටුවට විනිසුරු ගිහාන් කුලතුංග !

1 min read

වත්මන් නීතිපති ජනාධිපති නීතිඥ කේ.ඒ. පාරින්ද රණසිංහ (Jr) ලබන ජනවාරි මාසය තුළදී වයස අවුරුදු 60 ලබා එම තණතුරෙන් විශ්‍රාම යාමට නියමිතය. අපගේ ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසන පරිදි, පාරින්ද රණසිංහ එම තණතුරෙන් විශ්‍රාම ගිය පසු නීතිපති තණතුර සඳහා පත් කිරීමට නියමිතව ඇත්තේ වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.එම්. ගිහාන් හිමාංශ කුලතුංග ය.

ගිහාන් හිමාංශ කුලතුංගව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු බවට පත්කරන ලද්දේ ද 2025 වසරේ දී ජනාධිපති අනුර කුමාර විසිනි. පසුගිය අප්‍රේල් මාසයේ දී විදුලි උත්පාදනය සඳහා ගල් අඟුරු මිල දී ගැනීමේ දී සිදුව ඇති අක්‍රමිකතා විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා බවට ද ජනාධිපතිවරයා විසින් පත්කරන ලද්දේ ඔහුවය.

මෙහි ඊළඟ සැලැස්ම වී ඇත්තේ, වත්මන් අගවිනිසුරු, දේවගැගි ප්‍රීති පද්මන් සූරසේන 2028 අග දී විශ්‍රාම යන විට, එම ධූරයට පත් කර ගැනීමට සැලසුම් කර තිබෙන්නේ ද ගිහාන් හිමාංශ කුලතුංගවම ය. ඔහු ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ඇති හිතවාදී අයකු ලෙස ප්‍රකටව ඇති අතර ඔහුද ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන්නේ ය.

ජනප්‍රිය පුවත්  මහානායක හිමිවරු ජනාධිපතිට හොඳටම දෙසති!

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පාලනය කරනු ලබන්නේ ලංකා සභාවේ (Church of Ceylon) කොළඹ රදගුරුතුමා (Anglican Bishop of Colombo) සභාපතිත්වය දරන පාලක සභාවක් මගිනි. එය රජයේ පාලනයෙන් බැහැර පාසැලක් වේ. දැනට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුව කටයුතු කරන අර්ජුන ඔබේසේකර ද, 2024 සැප්තැම්බර් මාසයේ දී අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වූ විනිසුරු මයෝන් ගෝපල්ලව ද මෙම පාසැලේ ආදි ශිෂ්‍යයෝ වෙති.

  • ජගත් ශ්‍රී පටබැඳී
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x