October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මෙරට ගුවන් ගමන් මෙහෙයුම් 9%කින් පහළට..

1 min read

සිවිල් ගුවන් සේවා අධිකාරියේ නවතම දත්ත වාර්තාවලට අනුව, මෙම වසරේ ගතවූ මුල් මාස අටක කාලය (ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා) තුළ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළ හරහා සිදු වූ සමස්ත ගුවන් යානා මෙහෙයුම් ප්‍රමාණය සියයට 9ක පසුබෑමක් වාර්තා කර තිබේ.

එම කාලසීමාව තුළ මෙරට ගුවන්තොටුපොළ ආශ්‍රිතව හසුරුවා ඇති සමස්ත ගුවන් යානා වාර ගණන 40,111ක් වන අතර, ඉන් මෙහෙයුම් 38,524ක් නිත්‍ය කාලසටහන්ගත ගුවන් ගමන් වන අතර සෙසු මෙහෙයුම් 1,587 සටහන් වන්නේ කාලසටහන්ගත නොවූ ගුවන් ගමන් ලෙසයි.

පසුගිය වසරේ සමාන කාලසීමාව තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පමණක් මෙහෙයුම් 44,185ක් වාර්තා වී තිබූ අතර, ඊට සාපේක්ෂව මෙවර මෙහෙයුම් 4,074ක අඩුවීමක් සිදුව ඇත. පසුගිය පෙබරවාරි මාසයේදී මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය නොසන්සුන්තාව මෙම ගුවන් ගමන් සංඛ්‍යාව පහත වැටීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

ගුවන් මගී සංචරණය පිළිබඳ සලකා බැලීමේදී ද යම් අඩුවීමක් පෙන්නුම් කරන අතර, ගතවූ මාස අට තුළ මෙරට ගුවන්තොටුපොළ පද්ධතිය පරිහරණය කර ඇති සමස්ත මගීන් සංඛ්‍යාව 6,439,213කි. පෙර වසරේ සමාන කාලසීමාවේදී කටුනායක ගුවන්තොටුපොළෙන් පමණක් මගීන් 6,630,728ක් හසුරුවා තිබුණි.

ජනප්‍රිය පුවත්  කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු මියයයි

මීට අමතරව, අදාළ කාලය තුළ ගුවන්තොටුපොළ ඔස්සේ ප්‍රවාහනය කර ඇති සමස්ත ගුවන් භාණ්ඩ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 144,713කි. එයට මෙරටින් පිටතට රැගෙන ගිය ගුවන් යානා වෙත පටවන ලද මෙට්‍රික් ටොන් 89,470ක භාණ්ඩ තොගය සහ මෙරටට ගොඩබාන ලද මෙට්‍රික් ටොන් 55,243ක භාණ්ඩ ප්‍රමාණය අයත් වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x