October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බස් රථයක ගැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

1 min read

පා පැදියකින් පාසල් යමින් සිටි සිසුවෙකු ලංගම බස් රථයේ ගැටී එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත් වී ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල විජේරත්න මහතා පැවසීය.

අද උදෑසන 7:15 පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නෝටන්බ්‍රිජ් හැටන් ප්‍රධාන මාර්ගයේ

නෝටන්බ්‍රිජ් බිග්බෝන් ප්‍රදේශයේදීය.

අනතුරින් මිය ගොස් ඇත්තේ නෝටන්බ්‍රිජ් බිග්බෝන් (දඩුකැලේ වත්ත) ප්‍රදේශයේ පදිංචි නෝටන්බ්‍රිජ් කනපති දමිළ මහා විද්‍යාලයේ 7වන වසරේ ඉගෙනුම ලබන ජෙයරාම් පෝල්රාජ් නැමති පාසල් සිසුවෙකි.

හගරාපිටියේ සිට හැටන් දක්වා ධාවනය වන හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශවෙන් පාපැදියේ ගමන් ගත් සිසුවා බෑවුම් සහිත ප්‍රදේශයේ දි ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථයේ ගැටී ඉදිරිපස රෝදයට යට වීමෙන් පසු බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා එක්ව තුවාල ලැබූ පාසල් සිසුවා දික්ඔය මූලික රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ ජීවිතක්ෂයට පත් වි ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

මිය ගිය පාසල් සිසුවාගේ මව සහ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතර, මිය ගිය සිසුවා සිය සහෝදරිය භාරයේ සිටියදී පාසල් යෑමට පෙර නිවසට අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් රැගෙන ඒම සදහා නෝටන්බ්‍රිජ් නගරයට පා පැදියෙන් ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ජනප්‍රිය පුවත්  කොත්මලේ අක්කර පනහ පාලම කඩා වැටීමේ අවදානමක

අනතුර සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x