October 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. – ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

1 min read

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

නැවත ජාතිවාදයට නැගී සිටීමට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද, උතුර සහ නැගෙනහිර පළාත්වල සිදුවන ජාතිවාදී උසිගැන්වීම් හමුවේ රජය නිශ්ශබ්ද ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව එම ලිපිය මගින් චෝදනා කර ඇත.

යාපනය තිස්ස විහාරයේ ආගමික කටයුතු වැළැක්වීම, වඩුන්නාගල ඓතිහාසික බෞද්ධ පුරාවිද්‍යා භූමිය හින්දු කරණයට ලක්කිරීම, තහනම් කොටි සංවිධානයේ සංකේත භාවිත කරමින් සමරු උත්සව පැවැත්වීම සහ මඩකලපුව දිවුල්පතාන ප්‍රදේශයේ සිංහල ජනතාව මුහුණ දෙන අර්බුද ආදී කරුණු ගණනාවක් එහිදී පෙන්වා දී තිබේ.

එබැවින් මෙම ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වහාම පාලනය කිරීමටත්, මඩකලපුවේ සිංහල සුළුතර ජනතාව ඉවත් කිරීමේ උත්සාහයන් නතර කිරීමටත් කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික නිදහස් පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

එම ලිපිය පහළින්..

ජනප්‍රිය පුවත්  ජනගහනයෙන් 2/3ක් දුප්පත්.. ළමයි 21%කට මන්දපෝෂණේ.. ඒත් භාණ්ඩාගාරය උතුරනවලු.. – පුබුදු ජයගොඩ
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x